Thursday, August 9, 2012

බුද්ධ ප්‍රතිමා කරවීමෙන් ලැබෙන ආනිසංස … -




බුද්ධ ප්‍රතිමා කරවීමෙන් ලැබෙන ආනිසංස …

* බුද්ධ ප්‍රතිමා කරවූවෝද, කලෝද, බුර බුරා නැඟෙන රුදුරු ගිනි දැලින් යුතු අටමහ නිරයේ කිසි කලකත් නූපදිති….

* සිතා නිමකල නොහැකි දුකට පමුණුවන ගව, ගිරා ආදි තිරිසන් භවයන්හිද මහත්වූ ජලජ සත්ව යෝනීන්හිද ඔවුහු නූපදිති…

* ඔවුහු රන්කඳක් බදු සිරුරින් හා සූර්යයා බඳු තේජසින් බබලති…

* බුදුවරුන් පහල නොවන සමයන්හිද සෙම්, සොටු පීඩාවන්ගෙන් යුතුවද, බියකරු ප්‍රේත ලෝකයන්හිද නූපදිති…

* කල්පයකින්වත් ආලෝකයක් දක්නට නොලැබෙන ලෝකාන්තරික නරකයෙහිද නූපදිති…

*අරූපි බ්‍රහ්ම ලෝක වලත්, අසඤ්ඤසත්ත නම් බඹලොවත් මුනිබණ නොපවතිනා පරසක්වල සදිසාවන්හිත් නූපදිති…

*මේ සක්වලෙහි වෙනත් දීපාන්තරයන්හි හෝ ප්‍රත්‍යන්ත දේශයන්හි හෝ නූපදිති…

* බුදු, පසේ බුදු, මහරහතුන්ට හා සක්විති රජුන් උපදනාබිම්හිද මැදුම් දෙසෙහිද උපත ලබති…

* මෙසේ පිළිම කලෝද , කරවූවෝද , කිසිකලෙක මිථ්‍යාදෘෂ්ටිකව නූපදිති, එසේම උභතෝලිංගිකවද නපුංසකවද නූපදිති….

* උපනුපන් භවයන්හි ජාත්‍යන්ධ, උම්මත්තක, කුදු, ගොළු, බිහිරි, කොර, මීමැස්මොර ආදියට ලක්වී ජන්ම ප්‍රතිලාභය නොලබති…

* උපනුපන් භවයන්හි කඩුවේගන්, කුෂ්ඨ, වණ, පිළිකා ආදි රෝගයන්ගෙන් මිදෙති…

* දුටුවනට ප්‍රියමනාපවෙත්, කිසිකලෙක බියක් හෝ තැතිගැන්මක් ඔවුනට ඇති නොවේ. උභයකුල පාරිශුද්ධව ධනවත්වූ මහාසාර කුලයන්හිම උපත් ලබති…

* මවුකුස උපන් කලෙක් වේද එකල්හි රන් රුවක් මෙන් බැහැරට දිස්වෙමින් මව්පියාදීන් සතුටට පත් කරවති…

* දසමස් ඇවෑමෙන් සුවසේ බිහිවන දරුවා දියවක් තියවක් සඳ මෙන් ක්‍රමයෙන් සුවසේ මනාව වැඩෙයි…

* ඔහු උපන් නිවස නිතරම දසවිධ රත්නයන්ගෙන් පරිපූර්ණව ධන ධාන්‍යයන්ගෙන් නොඅඩුව සැමදා පිරී පවතිනු ඇත…

* එම කුලය පටසළු, කසී සළු ආදි සැහැල්ලු රෙදි පිළියෙන්ද , ඇත් , අස් , ගව ආදි සම්පත්තීන්ද කෙත් වතු ආදියෙන්ද සමන්විත වේ…

* තම බස ඉක්මවා නොයන දැසි දස් ආදීන්ගෙන්ද අඹු දරුවන්ගෙන්ද පිරිවරත් ලබති.

* දිව්‍ය ලෝකයෙහි හෝ මනුෂ්‍ය ලෝකයෙහි උවද ප්‍රතිභා ශක්තියෙන් යුක්තව සියලු සම්පත්තීන් හා රූප ශෝභාවෙන්ද අනූනව උපත ලබති…

* මහ පොලව හා සමාන යසසින් හා ඥානයෙන් සමන්විතව සියළු ශිල්පයන්හි කෙල පැමිණ සියළු තන්හි ජයග්‍රාහි වෙති…

* මෙසේ ත්‍රිවිධ භවයන්හි උපත ලබා , අනූනවූ කාම සම්පත්තීන් විද පසුව කලකිරී ත්‍රිවිධ ක්ලේශයන් නිමකොට එක්තරා ජන්මයකදී

No comments:

Post a Comment