FL Studio Tutorial PART 2
කලින් PART 1 ත්‍රෙඩ් එක බැලුව කියල හිතනව. මේ ටියුටෝරියල් එකෙන් ඉගෙන ගන්න යන්නෙ FL Studio එකේ තියෙන Mixer එක බාවිතා කරල කොහොමද Instruments වලට FX apply කරන්නෙ කියල. ඉස්‍සර වෙලාම Mixer එක කියන device එක ඇයි බාවිතා කරන්නෙ කියල බලමු. මේ ගැන මුලික වැටහීමක් තියෙනවනම් පහල තියෙන FL Studio Mixer කොටසට පනින්න.
දැන් බලමු පොඩි සිද්දියක්. හිතන්න ඔයා ගාව තියෙනව ලස්සනට රෙකෝඩ් කරපු ඩ්‍රම් ට්‍රැක් එකක්. තව බොක්කටම වදින Bass line එකක් සහ Lead guitar track කීපයක්. දැන් මේ Audio files ටික ඔයාගෙ කම්පියුට එකේ තියෙනව. ඔයාට තියෙන ජොබ් එක තමයි මේ ටික ඔක්කොම එකතු කරල එක Track එකකට ගන්න එක. අයියෝ ඕකත් ගේමක්ද? ඔක්කොම ටික එකපාර ට්‍රැක්ස් ටික software එකෙන් play කරල තනි track එකට අරවයෙ OUT එක දීල රෙකෝඩ් කරන එක කියල ඔයා කියනව. ඔයා හරියටම හරි! මේ ට්‍රැක්ස් ටික වෙන වෙනම play කරල, ඒව වල output ටික තනි track එකකට ගන්න ජොබ් එක කරන්නෙ මේ Mixer එක. දැන් ඔයා හරිම සතුටින් ඔයා කරපු Mix එක අහන්න ගන්නවා. හුටා! කන පැලෙන්න වගේ සද්දයක්නෙ එන්නෙ. ඒ මදිවට බේස් එක බර බර ගානවා. කික් එක බේස් එකෙන් වැහිල ඇහෙන්නෙ නෑ. සවුන්ඩ්ස් වල phase out වෙලා, සමහර frequency කන පැලෙන්න ඇහෙනව, තව සමහර frequency ඇහෙන්නෙම නෑ... එක ජංජාලයයි. මෙන්න මේකට තමයි කියන්නෙ unmixed track එකක් කියල. ඒත් ඉතින් මං Mix කරානෙ? Mix කරනව කියන්නෙ සද්ද ගොඩක් තනි සද්දයකට ගන්නව කියන එකම විතරක් නෙවෙයි.හරි පස්සෙ මික්සින්ග් ගැන කතා කරමු.
මෙන්න තියෙනව සාම්ප්‍රදායික හාඩ්වෙයා මික්සර් එකක්.

ඔය උඩ රූපෙ යටින්ම තියෙන්නෙ ෆේඩර්ස්. මේවා Volume controllers කියලත් හදුන්වනවා. මේ ෆේඩර්ස් වලින් අපිට පුලුවන් වෙනව, වෙන වෙනම ට්‍රැක්ස් වල volume level එක පාලනය කරන්න. මේ මික්සර් එකේ ට්‍රැක්ස් 16ක් තියෙනවා. Mono 12 stereo 2(mono x 2). උඩින්ම තියෙන කලුපාට පෝට් වලට තමයි මයික් හරි වෙන instrument plug කරන්නෙ. හිතන්නකො මික්සර් එකේ වම් පැත්තෙ කෙරවලේම තියෙන track 1 ඉදන් Audio signal එකක් එනවා. ඒකියන්නෙ මොකක් හරි ශබ්දයක්. දැන් ඔය Audio signal එක ඒ පේලියෙ යටම තියෙන ෆේඩර් එක දක්වා එනවා. ඇවිල්ල පොඩ්ඩක් මහන්සි එහෙම නිවාගෙන කෙලින්ම පනිනව ඔය දකුනු පැත්තෙ කෙලවරම තියෙන Main Mix\Master Buss track එකට. ඔතන තියෙන අනිත් ට්‍රැක් වලිනුත් ශබ්දයක් නිකුත් වුනොත් පෙර හා සමාන විදියකට මාස්ටර් බස් එකට පනිනවා. Master Buss track එකෙන් out වෙන Audio signal එක තමයි අපේ Speaker වලට එහෙමත් නැත්තම් කනට වදින්නෙ.
දැන් ඔය කිව්වෙ ශබ්දය ගමන් කරන සරලතම විදියයි. තව මේ සිග්නල් පාත් එක මැදට එක එක ජාතියෙ FX devices හරහා ඇවිල්ල Master Buss track එකට එන්න පුලුවන් හැකියාව තියෙනවා. උදාහරනයක් විදියට ගත්තොත්, අපේ Lead guitar එකේ එන්නෙ ටිකක් විතර muddy sound එකක්. ඒකියන්නෙ හරිම අමිහිරි කන පිරෙන්න එන ශබ්දයක්. අපිට ඕන මේක පොඩ්ඩක් කනට cool විදියට හදාගන්න. මේකට තියෙනව Device එකක් Equalizer කියල. මෙකෙන් අපි අපිට ඇසීමට අනවශ්‍යය muddy frequency range එක අඩු කරනවා. දැන් මේක අපි දාන්න ඕන Lead guitar එක තියෙන track එකට විතරයි. එහෙනම් අර කලින් තිබුන mixer එකේ input(ඉහල) එකයි fader (පහල) එකයි අතරට connect කරානම් වැඩේ හරි.
FL Studio Mixer

ඔය ඉහලින් දාලා තියෙන්නෙ අපේ FL Studio එකට දාලා එවන software Mixer එක. ලස්සනයි නේ. මේකෙ අපි කලින් බලපු හාඩ්වෙයා මික්සර් එකට වඩා ටිකක් වෙනස්. Master Buss track එක තියෙන්නෙ වම් අත පැත්තෙ කොනේම. තව මොනවද මගුල් වගයක් තියෙනව දකුනු පැත්තෙ. අපි එහෙනම් ටික ටික මේක මස් කරල බලමු. රූපයේ අංක 3 න් දක්වල තියෙන්නෙ කලින් මික්සර් එකේ වගේම සාමාන්‍යය ට්‍රැක්ස් 6ක්. දැනට සිලෙක්ට් වෙලා තියෙන්නෙ 1වෙනි track එක. අන්න ඒ සිලෙක්ට් වුන track එකට අදාල තොරතුරු සහ attributes තමයි දකුනු පැත්තෙ 6-9 දක්වාත් A-C දක්වාත් තියෙන්නෙ. අංක 6 දැනට අමතක කරමු. අංක 8 තමයි ගොඩක්ම වැදගත් වෙන්නෙ.මේවට කියන්නෙ FX slots කියල. අපිට Audio වලට Effect දාගන්න අවශ්‍යය නම් කරන්න තියෙන්නෙ FX slots 8න් එකක් බාවිතා කරන එක. මාස්ටර් ට්‍රැක් එක ඇතුලුව අනිත් සියලුම ට්‍රැක්ස් වලට උපරිම වශයෙන් FX 8 බැගින් දාගන්න පුලුවන්. 8ට වඩා වැඩිය දාගන්න නම් මික්සර් routing ගැන ඉගෙන ගන්න වෙයි. ඔය ට්‍රැක්ලිස්ට් එකට යටින් තියෙන්නෙ (අංක 9) තවත් වැදගත් options කීපයක්. Graphic Eq, Panner, Stereo separator, PDC (Pluggin delay compensation) වගේ දේවල් මෙතන අඩංගු වෙනව. මෙතනින ගොඩක්ම වැදගත් වෙන්නෙ PDC හා Stereo separator ගැන ඉස්සරහට බලමු. අංක 5 න් දක්වල තියෙන්නෙ Volume level indicator එක. මේකෙන් අපේ ට්‍රැක්ස් Clip වෙනවද කියල නිතරම අප්ඩේට් කරනව. Clipping කියන්නෙ අපි යවන audio signal එකේ උපරිම තීව්‍රතාවයට වඩා (0DB <) වැඩි වුනාම සවුන්ඩ් එක distort වෙනව. ඒක Analog recording එකකදි ගොඩක් වෙලාවට මේක ශබ්දය අමුතු විදියට වෙනස් කරනවා. නමුත් Digital ලෝකෙදි කිසිම විදියකින් signal එකක් 0Db වලට වඩා යන්න විදියක් නෑ. ගියොත් කඩුවෙන් කැපුව වගේ ඒ බිට්ස් ටික කපලා දානවා. නමුත් Analog mixers වල හොද head room එකක් තියෙන නිසා 0Db වලට වඩා signal එකක් ගිහින් harmonic distortion කියන දේ සිද්දවෙනව. මේක ඩිජිටල් වගේ නෙවෙයි කනට හරිම මිහිරියි. තව මේ දෙවර්ගය ගැන ඕන තරම් විස්තර තියෙනව කියන්න, නමුත් අපි මූලිකව සොෆ්ට්වෙයා එක ගැන ඉගෙන ගන්න නිසා දැනට ප්‍රමානවත්.
හරි දැනට මේගැන කතා කලා ප්‍රමානවත් කියල හිතනව. ඉස්සරහට බලමු Mixer Routing වගේ advanced topic එකක් ගැන කතා කරන්න. දැන් ඉක්මනින් පොඩි ටියුටෝරියල් එකක් බලමු කොහොමද අපි ගාව තියෙන Audio file එකකට Reverb කියන effect එක දාන්නෙ කියල. ඔක්කොටම කලින් Reverb එක ගැන දන්නෙ නැතත්ම් මේටිකත් කියවල ඉමු. ඉස්කෝලේ තියෙන main hall එක මතකද? ඒකට ගිහින් හයියෙන් කෑගැහුවොත් අමුතු ගැඹුරක් වගේ දෙයක් දැනිල තියෙනවද? Bathroom එකේ සිංදුවක් කියන කොට පොඩි ආතල් එකක් තියෙනව නේද? අන්න එකටතමයි කියන්නෙ Reverberation Effect එක කියල. දැන් අපි කරන්න යන්නෙ අපි ගාව තියෙන Drum loop Audio file එකකට මේ Effect එක දාන එක.
How to :
Step 01 : මුලින්ම අලුත් ප්‍රොජෙක්ට් එකක් ඕපන් කරගන්න. දැන් step sequencer එකේ patch එකක් උඩ right click කරල insert--> Audio clip තෝරන්න.

දැන් අලුත් Audio clip කියල step sequencer එකේ patch එකක් ඇවිල්ල ඇති. දැන් මේ patch එකට අපි ගාව තියෙන drum loop එකේ location එක දෙන්න ඕන. ඔයා ගාව ලූප් එකක් නැත්තම් පහල මම හදපු ලූප් එකක් ඇති.
http://www.mediafire.com/?hrppq5ca1op2lvc
Step 02 : දැන් Audio patch එක උඩ ක්ලික් කරාම Channel settings window එක පෙනෙයි. එකේ ෆෝල්ඩර් එකක් වගේ තියෙන එක ක්ලික් කරල අර Audio ෆයිල් එක select කරගන්න.

දැන් Playlist එක open කරගෙන ක්ලික් එකක් දුන්ම අපි ගත්ත ක්ලිප් එකේ waveform view එක දිස්වෙයි.
Step 03 : දැන් Song mode එක activate කරල අහල බලන්න. හරි මේ ක්ලිප් එකට තවම කිසිම ඉෆෙක්ට් එකක් ඇඩ් කරල නෑ. දැන් අර කලින් කියපු රීවබ් එක මේ ක්ලිප් එකට දාන්නයි යන්නෙ. නැවතත් Channel settings window එක ඕපන් කරගන්න. අපිට දැන් කරගන්න ඕන Audio patch එකේ output එක mixer එක් Insert1 channel එකට route කරගන්න එක. රූපයේ විදියට FX display එක 1 ක් විදියට වෙනස් කරගන්න. දැන් නැවත play කරල බලුවොත් මික්සර් එකේ මාස්ටර් චැනල් එකත් එක්ක Insert1 channel එකත් වැඩ කරනව පෙනේවි.

Step 04 : දැන් මික්සර් එක ඕපන් කරගෙන Insert1 එක උඩින් ක්ලික් කර සිලෙක්ට් කරගන්න. දැන් පොඩි රවුටින්ග් වැඩක් කරන්න යන්නෙ. රිවබ් එකක් සාමාන්‍යයෙන් කෙලින්ම මුලි සිග්නල් එකටම ඇඩ් කර ගන්නෙ නෑ. ඇඩ් කර ගන්නෙ සිග්නල් එකෙන් කොටසකට විතරයි. ඒ නිසා මේ වැඩේ කරගන්න FL Send Tracks බාවිතා කරන්න වෙනව. Analog mixer අත පත ගාපු අය මේ වට කියන්නෙ Aux returns කියල. Insert1 එකේ අවුට් එකෙන් කොටසක් Send Track එකට රවුට් කරන්නනයි දැන් යන්නෙ. පොඩ්ඩක් මෝල් වගේ නම් ඉවසගෙන ඉන්නකො ඉස්සරහට සවිස්තරව කියන්නම්. දැන් මතකයි නෙ, අපි සිලෙක් කරගෙන ඉන්නෙ තාම පලවෙනි ඉන්සර්ට් එක. දැන් හිමින් සීරුවේ මික්සර් එකේ දකුනු කෙලවර තියෙන Send 1 කියන චැනල් එකේ යටම තියෙන පොඩි නොබ් එක රූපයෙ තියෙන විදියට වැඩි කරගන්න. මේ කියපු විදියටම කර ගත්තෙ නැතිවුනොත් වැඩ වරදින්න පුලුවන්.

දැන් ඔයා වැඩේ හරියට කරානම් song එක play කරනකොට send 1 එකෙනුත් signal එන්න පටන් ගන්නව.
Step 05 : මෙන්න අන්තිම ස්ටෙප් එක. දැන් කරන්න තියෙන්නෙ send 1 එකට Fruity Reverb 2 pluggin එක ඇඩ් කරගන්න එක. ඒකෙන් තිමයි රිවබ් එක වැඩකරන්නෙ. මුලින්ම send 1 එක කලින් චැනල් එක සිලෙක්ට් කරගත්ත වගේ සිලෙක්ට් කරගන්න. ඊට පස්සෙ රූපෙ තියෙන විදියට Fruity Reverb 2 pluggin එක ඇඩ් කරගන්න.

දැන් ඉතින් ඩන් තමයි. එවුනාට මේ ක අපිට ඔන විදියට ඉෆෙක්ට් එක කන්ෆිගර් කරගන්න අවශ්‍යය නිසා පහල screen shot එකේ තියෙන විදියට මේක ටියුන් කරගන්න. මම මේක පොඩ්ඩක් breathing effect එක අරගන්න හදල තියෙනව ඒක නිසා මේකෙ ආටිෆිශල් ගතිය වැඩිනම් ඔය Del කියන පැරාමීටර් එක අඩුම කරන්න.
එහෙනම් දැනට ඇති කියල හිතෙනව. වැදගත්වුනා කියල හිතනව නම් පොඩි කමෙන්ට් එකක්දාල යන්න. ප්‍රශ්නයක් තියෙනවනම් අහන්න. ඊලග ටියුටෝරියල් එකට මොනවහරි ඕනෙ නම් කියල යන්න. හරි Part 3 එකෙන් හමුවෙමු

No comments:
Post a Comment