Sunday, September 16, 2012

cool ලෝකයේ $සල්ලිකාර$ සෙල්ලක්කාරයෝ.


සෙල්ලක්කාර වයසේදී සල්ලි හොයන ඒකට වඩා තියෙන්නේ සාල්ලි නාස්ති කරන එක. අම්ම තාත්තා හරි හම්බ කරපුදේ වනසන සෙල්ලක්කාර පුත්තු ගැන ඔන තරම් කතා තියෙනවා. ඒත් ඇටෙන් පොත්තේ එලියට ආපු ගමන් සල්ලි හම්බ කරල ප්‍රකෝටිපතියන් වුනු කෙල්ලො කොල්ලො ගැන අහන්න ලැබෙන්නේ බොහොම අඩුවෙන්.

01.ඒ අතරින් ජස්ටින් බීබර් කියන්නේ ලෝකේ අංක එකට ඉන්න සල්ලිකාර සෙල්ලක්කාරයා. තවම වයස 17යි. ඔහු අද ලෝකයේ ඉන්න ජනප්‍රියතම ගායකයෙක් කියල අමුතුවෙන් හඳුන්වල දෙන්න දෙයක් නෑ. ඔහුගේ never කියන ගීත ඇල්බමය ඇමරිකානු ගීත අ‍ලෙවියේ වර්තාවක් පිහිට වූවක්. එහි පිටපත් අලෙවියෙන් ලත් ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 37 ඉක්මවා ගියේ ඉතා කෙටි කලකින්. මේ වනවිට ජස්ටින් බීබර් ගේ වත්කම ඩොලර් මිලියන 53 ක්.



02. 1992 නොවැම්බරයේදී උපන් මයිලි සයිරස් ජස්ටින් බීබර් ගේ තරගකාරී ගායිකාව ලෙස හඳුන්වන්න පුළුවන්. නිළියක, ගේය පද රචකයෙක්, නර්තන ශිල්පිනියක හා සංගීතඥවරියකද වන මයිලි පසුගිය වසරේදී ලෝකයේ ධනවත් සෙල්ලක්කරයන්ගේ ලැයිස්තුවේ හිටියේ අංක එකට. අද ඇගේ වත්කම ඩොලර් මිලියන 48 ක් වෙනවා.. ඇය වඩාත් ජනපි‍්‍රයත්වයට පත්වූයේ ‘Hannah Montana’ රූපවාහිනි කතාමාලාව ඔස්සේය.

03.නික් ජෝනාස් ට තවම අවුරුදු 19 යි. සංගීතඥයෙක්,ගේය පද රචකයෙක්, නළුවෙක් මෙන්ම ගායකයකු වන නික් මේ සියළු ශිල්පයන් පෙන්වා මේ වන විට ඩොලර් මිලියන 12.5 ක් උපයාගෙන තිබෙනවා.ඔහුගේ සහොදරයා සමග එක්ව ගී ගැයීම නිසා ජෝනාස් බ්‍රදර්ස් නමින් ඔවුන් වඩාත් ප්‍රසිද්ධය. ඔහුගේ මාපියන්ද සංගීතඥයන්.


04. සුප්‍රසිද්ධ Twilight චිත්‍රපට කතා මාලාවේ ජේකොබ් බ්ලැක් (19) ලෙස රඟන ජනප්‍රිය නළුවකු
වන ටේලර් ලෝට්නර් සල්ලිකාර ලැයිස්තුවේ හතර වන තැනට පත් වුනේ Twilight කතා මාලාවෙන් ලත් ආදායම නිසාමය.

මේ වනවිට ඩොලර් මිලියන 8.5 ක වත්කම් ඔහු සතුයි. නළුකමට අමතරව නිරූපන ශිල්පියකු ලෙසද කටයුතු කරන ඔහු දක්ෂ කරාටේ සටන් ශිල්පියෙකුද වෙනවා.2010 වසරේ වඩාත්ම ලිංගික ආකර්ෂණයක් සහිත හොලිවුඩ් නළුවන් පනස් දෙනා අතරටත් ඔහු තේරී පත් වුණා. හොලිවුඩ්පුරයේ වැඩිම මුදලක් අය කරන යොවුන් චිත්‍රපට නළුවා වන්නේද ටේලර් ය.




05. ලොකයේ රූපවාහිනී නාට්‍ය නිර්මණයක් සඳහා වැඩිම මුදලක් අයකර ළමා නළුවෙක් වේ නම් ඒ ඇංගස් ටර්නර් ජෝන්ස් ය. අමෙරිකාවේ අතිශය ජනප්‍රිය රූපවාහිනී කතා මාලාව්ක් වන කොටස් 26 කින් යුත් Two and half men කතා මාලාව වෙනුවෙන් එක් කොටසක රංගනය සඳහා ඩොලර් 30,000ක් ඇංගස් අයකරයි.
මේ වන විට වයස 17 ක් වන ඔහු රංගන ශිල්පියකු ලෙස කරලියට එන්නේ වයස අවුරුදු පහේදීය. ඔහු මේ වන විට රංගනය උදෙසා සම්මන රාශියක්ද දිනාගෙන තිබෙන දක්ෂයෙකි. ඔහුගේ මුළු වත්කම ඩොලර් මිලියන 7.8 ක් වේ.







06. සිනමා හා රූපවාහිනී නිර්මාන රාශියකට රංගනයෙන් දායක වූ සෙලීනා ගොමස් ගයිකාවක ලෙසද අතිශය ජනප්‍රියය. යුනෙස්කෝ ආයතනයට සම්බන්ධව මානුශීය ව්‍යාපෘති ගනනාවකටද සහභාගී වන සෙලීන වඩාත් ජනප්‍රිය වූයේ ජස්ටින් බීබර් සමග වන ආදර පල හිලව්ව හෙතුවෙනි. මේ වන විට 19 හැවිරිදි ඇය ඩොලර් මිලියන 5.5 ක වත්කම් ඇත්තියකි.






07. වත්මන් අමෙරිකාවේ ජනප්‍රිය නළු විල් ස්මිත්ගේ පුත්‍රයා වන ජේඩන් ස්මිත් තවමත් වයස අවුරුදු 13 ක කොලු ගැටයකු වූවද ඔහු උපයාගෙන තිබෙන වත්කම් ඩොලර් මිලියන 5 ක් වී තිබේ. චිත්‍රපට විශාල ගණනකට රංගනයෙන් දායක වී ඇති ජේඩන් ජනප්‍රිය ‍රැප් ගායකයකුද වේ. The Karate Kid ඔහු රංගනයෙන් දායක වූ අතිශය ජනප්‍රිය සිනමා සිත්තමකි. ජස්ටින් බීබර්ගේ never say never ගීතය සඳහා ද ‍රැපර් කෙනෙකු ලෙස ඔහු දායක වී තිබේ.






08. ජේඩන් ස්මිත්ගේ දස හැවිරිදි සහෝදරියද අයියා පසු පසම යමින් මේ වන විට ඩොලර් මිලියන 04ක සල්ලිකාරියක වී තිබේ. විලෝ ස්මිත් නම් ඈ සම්මානයට පාත්‍ර වූ සිනමා හා රූපවාහිනී ළමා නිළියක මෙන්ම ගායිකාවකි . .I am legend ඈ සම්මානයට පාත්‍ර වූ ජනප්‍රියතම චිත්‍රපටයක්.





09.ඩකෝටා ෆැනින්ගේ 18 වන උපන් දිනය ‍යෙදී ‍තිබුණේ ‍පසුගිය පෙබරවාරි මාසයේ. ඇය ගේ රංගන ජීවිතය පටන් ගන්නේ 1999 දී.ඒ කියන්නේ වයස අවුරුදු පහෙදී. රූපවාහිනී නාට්‍ය නිර්මාණ හා චිත්‍රපට විශාල ගනනක් ළමා නිළියක ලෙස දැක්වූ දක්ෂතා වෙනුවෙන් සෑම වසරක් පාසාම හොඳම යොවුන් නිළිය ලෙස ඇය සම්මානයට පත්‍රවී තිබෙනවා. ඇගේ මුල්කාලීන චිත්‍රපටයක් වූ I am sam සඳහා සම්මාන විශාල ප්‍රමාණයක් හිමිකර ගැනීම ඉන් විශේෂයි. Twilight ඈ රගපෑ අතිශය ජනප්‍රියවූ චිත්‍රපටි මාලාවකි. ඇය මේ වන විට ඩොලර් මිලියන 4ක වත්කමකට හිමිකම් කියනවා.

10. ඩකෝටා ෆැන්නින් ගේ සහයට මෙන් ඇගේ පසු පස ඇගේම නැගනිය වන එල් ෆැන්නින් එන්න ගත්තේ වයස අවුරුදු තුන පිරෙන්නත් මාස හතරක් තිබියදී. ඇගේ පළමු චිත්‍රපටය වුණේ තම සහොයුරිය රංගනයෙන් දායක I am Sam චිත්‍රපටයයි. ඇයත් මේවන විට සම්මානයට පාත්‍ර වෙච්ච නිළියක්. චිත්‍රපට 25 කට පමණ හා රූපවාහිනී නිර්මාණ ගනනාවකට සම්බන්ධ වූ ඇය අද ඩොලර් මිලියන 1.5 ක හිමිකාරියක්. තාමත් වයස 13ක් වූවද හොඳම සහය නිළියට හිමි ඔස්කාර් සම්මනයට පවා ඇගේ නම නිර්දේශ වුණා. ඒ ඈ රගපෑ ජනප්‍රියතම චිත්‍රපටය වූයේ Supper 8 ය. 

No comments:

Post a Comment