Tuesday, January 24, 2012



                 රජතුමාගෙ පට්ට් සීන් එක...

එකෝමත් එක කාලෙක එකෝමත් එක රටක හිටිය රජතුමෙක්ගේ ඇඟිල්ලක් දවසක් කැපෙනවා වෙන් වෙන්නම දවසක්දා. හැම ඇමතියාම ඒක ගැන දුක් වෙද්දී එක ඇමතියෙක් විතරක් කිව්වාලු "හැම දේම වෙන්නේ හොඳටයි" කියලා.

මේක අහපු රජ්ජුරුවන්ට ඌරු ජුවල්ලු. ඇඟිල්ල කැපිලා වෙන්වෙලා තියෙද්දී මූ මේක හොඳයි කියනවනේ කියලා. රජතුමා හිතාගත්තලු "දෙන්නම් මුට බැටේ" කියලා.

දවසක්දා රජතුමා අර ඇමතියාට දඩයමේ යන්න එන්න කියලා මේ දෙන්නා විතරක් දඩයමේ ගියාලු. අර පරණ තරහත් හිතේ තියාගෙන හිටිය රජතුමා මේ ඇමතියාව ඒ කැලේ මායිමේ තිබුණු හෙළකින් පහළට තල්ලු කලාලු.


"තෝ මැරිලාම පලයන් මට අනම් මනම් කිව්වාට. හැමදේම වෙන්නේ හොඳටනේ. දැන් එහෙමනම් මැරියන්" කියලා.

රජතුමාට ඇමතියාව හෙළෙන් තල්ලු කරලා ටික දුරයි යන්න වුණේ නිධන් හොරු කට්ටියක් රජතුමාව අල්ල ගන්නවාලු. උන්ට නිධානයක් ගන්න බිල්ලට තියන්න අංගසම්පූර්ණ මනුස්සයෙක්ව ඕන වෙලා තියෙන්නේ.

ඉතින් රජතුමා කියන්නේ අංගසම්පූර්ණ මනුස්සයෙක් නේ හොරු සෙට් එකට මාර happy බිල්ල ළඟටම ආපු එක ගැන. හොරු ටික රජතුමාගේ ආභරණ එහෙම ගලවලා බිලි පූජාවට ලෑස්ති කරද්දිලු දැක්කේ අතේ ඇඟිල්ලක අඩුවක් තියෙනවා. පස්සේ හොරු ටික රජතුමාව නිදහස් කරාලු.

එතනින් බේරිලා එද්දී රජතුමාටත් නිකම් හිතුණාලු ඇත්ත තමා හැමදේම වෙන්නේ හොඳටනේ. අද මගේ ඇඟිල්ල තිබ්බා නම් හොරු ටික මාව බිල්ලට දීල නේ කියලා. පස්සේ රජතුමා හිතුවාලු ඇමතියා හරි තමා මම එයාව බේරගන්න ඕනේ කියලා හිතලා හෙළ ගාවට ගිහින් බලද්දී ඇමතියා වැලක එල්ලිලා ඉන්නවාලු. ඉතින් රජතුමා ඇමතියාව ගොඩට ගත්තාලු.

පස්සේ තමන්ගේ අතින් වුණු දේ ගැන රජතුමා ඇමතියාට තමන්ගේ කණගාටුව ප්‍රකාශ කරද්දී ඇමතියා කිව්වාලු. "දේවයන් වහන්ස, ඒකත් වුණේ හොඳට නේ. බැරිවෙලාවත් එහෙම නොවී මාත් ඔබ වහන්සේ එක්ක ගියා නම් හොරු මාව බිල්ලට අරන් නේ" කියලා.

ඉතින් ඔහොමලු "හැමදේම වෙන්නේ හොඳටයි" කියන කතාව භාවිතයට ආවේ.

No comments:

Post a Comment