Friday, February 24, 2012

Oh! වැරදුනු මේල් එක.

 එක්තරා මනුස්සයෙක් හෝටලයකට ඇවිත් කාමරයක් වෙන් කර ගත්ත.ඒ කාමරයට ගියාම ඒකෙ computer එකකුත් තියෙනවා දැකලා මිනිහට හිතුනා තමන්ගෙ බිරිඳට e-mail එකක් යවන්න ඕන කියලා.....

කොහොම උනත් මිනිහා mail එකේ තමන්ගෙ බිරිඳගෙ mail ID එක වැරදියට type කරලා තිබුනෙ.ඒක නොදැකපු ඒ මිනිහා ඒක තමන්ගෙ බිරිඳට යැවුවා කියලා හිතලා, අර වැරදි mail ID එකට යැවුවා..

ඒ අතරතුරේදි, වෙනත් තැනක, තම සැමියාගෙ අවසන් කටයුතු නිමකර සුසාන භුමියේ සිට කාන්තාවක් (වැන්දඹු=widow) තම නිවසට පැමිණියා...

ඇය පැමිනි විගස තම පරිගණකය වෙත ගොස් තමන්ගේ නමට පැමින ඇති mails කියවන්න ආරම්භ කලා. ඇය හිතුවෙ තම සැමියාගෙ මරනයෙන් දුකට පත් හිතවතුන් හා මිතුරන් තමන්ට එවා ඇති mails කියවීමත් හා ඒවාට පිලිතුරු යැවීමත් කරන්න...

එක mail එකක් කියවූ ඇය සිහිසුන් වී ඇද වැටුනා. එම කාන්තාවගෙ පුතා තම මවගේ කාමරයට දිව විත් සිදුවී ඇති දේ දුටුවා. තම මව සිහිසුන්ව බිම ඇද වැටී ඇති බවත්, පරිගනක තිරය මත පහත සදහන් පනිවුඩය තිබුන බවත් දුටුවා...


To: මගේ ආදරණිය බිරිඳ වෙත
Subject: මම ආවා
Date: 16 mar 2008
මම දන්නවා ඔයාට පුදුම ඇති මගේ මේ mail එක දැක්කම, මගෙන් දෙයක් අහන්න ලැබීම ගැන. මෙහේ එයාල ලඟ computers තියෙනවා, අපි ආදරය කරන අයට mails යවන්න මේගොල්ලො අපිට ඉඩ දීලා තියෙන්නෙ.මම දැන් මේ ආවා විතරයි.හෙට ඔයත් මෙහෙ එන නිසා මම ඒකට සියල්ල සූදානම් කරලා තියෙන්නෙ...

හෙට ඔයාව දකිනකං මට ඉවසිල්ලක් නැහැ..
80,81,.......,89 වර්ෂ වල උපත ලද අයෙක්ද???

 

ඔබත් 1980,1981,1982,1983,1984,1985,1986,1987,1988,1989 එසේනම් මේ මතක් කිරීම ඔබටයි...

•පාරේ සෙල්ලම් කරපු අවසන් පරපුර අපි වෙමු.
•වීඩියෝ ක්‍රීඩා(video games) පලමුව සෙල්ලම් කරන ලද්දේද අප විසින්‍මය.
•රූපවාහිනියේ වැඩිම cartoon ප්‍රමාණයක් බැලූවේද 80 දශකයේ උපන් අපි වෙමු.
•අවසන් වතාවට කැසට් පටවල පටිගත කිරීම සහ VCR භාවිතා කරන ලද්දේද අප විසින්මය.
•Chat Rooms සහ Walkman භාවිතයේ කෙල පැමිණියෝ අපි වෙමු.
•56 kbit මොඩමයකින් පවා ''අධිවේගී'' අන්තර්ජාල සේවාවක් අත්විඳි එකම පිරිස අපි වෙමු.
•ජංගම දුරකතනයෙන් මල් කැඩීම ලොවට හඳුන්වා දීමේ ගෞරවයද අප සතුය.
•බ්‍රේක් බිඳුවක් නොමැතිවත් පල්ලම් වල වේගයෙන් බයිසිකල් පැදි අවසන් පිරිස අපි වෙමු.
•අද පරපුර මෙන් PlayStation, Flat Screen, Surround Sound, iPods, iPads, Broadband එදා අප භාවිතා නොකලමුත්, අද පරපුරට වඩා බොහෝ සෙයින් සුන්ඳර ළමා කාලයක් අප එදා අත්වින්ඳෙමු...

ඔබ මෙයට එකඟද??? එකඟ නම් පමණක් SHARE කරන්න...

☺ ☺ ☺
බුදු හිමියන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ !



බුද්ධාදී උතුමෝ මහා පුරුෂයෝ වෙති.එබඳු පුරුෂයන්ගේ ශරීර වල පිහිටන ලක්ෂණ මහා පුරුෂ ලක්ෂණයි.
බුදු රජාණන්වහන්සේගේ පිහිටන ලක්ෂණ ගනනින් 32කි.ඒවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ නමින් හදුන්වයි.
එම දෙතිස සහ ඒවා ඇති වීමට හේතු පහත දැක්වේ.


01.සුප්පතිට්ධර්ත පාදතා

මනාව පිහිටි පා යුවලක් ඇති බවයි.බුදු සිරිපා ස්වර්ණ පාදුකාවක් සේ සිදුරු රහිතව පිහිටියේය.එම සිරි පතුල
පොලවෙහි තබන කල එක වරම ස්පර්ශ වේ.උඩට ඔසවන කල එකවරම එසවේ.මෙම ලක්ෂණ ඇති අය
අනුන් විසින් නොමැඩිය හැකි අය වෙති.


02.චක්ඛ ලක්ඛණතා


චක්‍ර ලක්ෂණ පිහිටි අය බවය.බුදු සිරිපා තලය මනා සේ බෙදී පිහිටි රථ චක්‍ර (රෝද)ලක්ෂණ වලින් යුක්තය.මෙම
ලක්ෂණය පිහිටියේ මහා පිරිස් ඇත්තෙක් වෙයි.පෙර භවයන්හීදී පරාර්ථ චර්යාවෙහි යෙදුනු බැවින් හා අනුන්ගේ
බිය තැතිගැනීම් දුරු කොට ආරක්ෂා සංවිධාන ඇති කල බැවින්ද පිරිවර සහිතව දන් දුන් බැවින්ද මෙම ලක්ෂණය
පිහිටියේය.

03.අයාත පණ්හිතා

දිග් වූ විලුම් ඇති බවය.බුදු සිරිපතුල කොටස් 4කට බෙදේ.දෙකොටසක් ඉදිරි අක්පතුලයි.තෙවන කොටස
පාදය පිහිටීමට ආධාර වෙයි.සතරවෙනි කොටස දිග් විලුඹයි.ප්‍රාණවධයෙන් තොර වී සියලු සතුන් වෙත
හිතවත්ව අනුකම්පා සහගතව විසීමේ ප්‍රථීපලයක් ලෙස මෙම ලක්ෂණය පිහිටියේය.


04.දිඝංගූලිතා

දික් වූ ඇගිලි ඇති බවය.ක්‍රමයෙන් සිහින්ව එක සමව පිහිටීම මෙහි ලක්ෂණයයි.මෙම ලක්ෂණය ඇත්තේ
සතුරන් විසින් නොමැ‍ඩෙන හැක්කේ වෙයි.

05.බ්‍රහ්මුජිජුගත්තා

බ්‍රහ්මයාගේ මෙන් සෟජු ශරීරයක් ඇති බවය.බුදු සිරුර සෟජුය.සෝබනය.මෙම ලක්ෂණය ඇත්තේ දීර්ඝායුෂ්ක
වෙයි.සතුරන් විසින් නොමැඩිය හැකි වෙයි.තමන් විසින් හෝ අන්‍යයන් ලවා හෝ කිසිවෙකුටත් හින්සා පීඩා
නොකිරීම නිසා මෙම ලකුණ පිහිටියේය.

06.සත්තුස්සදතා

සත් තැනක උස් බවයි.මාංශ බහුල වෙයි.දෙපිට ඇතුල් දෙපිට පතුල් පද උරහිස් කර යන සත් තැන උසින්
පිහිටීමයි.මෙම ලක්ෂණය දරණ්නේ ප්‍රණීත ආහාර පාන ලබයි.පෙර ජාතීන්හීදී ප්‍රණීත දෑ දන්දුන් බැවින් මෙම
ලක්ෂණය පිහිටියේය.

07.මුදු තථන හත්ථපදාතා

මෟදු වූද තරුණ වූද අත්පා ඇති බවයි.මෙම ලක්ෂණය ඇත්තේ ඉතා උසස් ලෙස මහජනයාගෙන් සංග්‍රහ ලබයි.
දානය ප්‍රිය වචනය අර්ථ චර්යාව සමානාත්මතාවය යන සතර සංග්‍රහ වස්තුවෙන් මහජනයාට සංග්‍රහ කල බැවින්
මෙම ලක්ෂණය පිහිටියේය.

08.ජාලහත්ථ පාද ලක්ඛණතා

දැල් කවුලුවකට බදු වූ අත්පා ඇති බවයි.බුදු රදුන්ගේ පයෙහි ඇගිලි පසද අතෙහි ඇගිලි සතරද සම ප්‍රමාණව
පිහිටියේය.මෙම ලක්ෂණය ඇත්තෝ ලෝ වැසියන්ගෙන් බොහෝ සංග්‍රහ ලබයි.

09.උස්සංඛ පාදකා


බුදු රදුන්ගේ ඇස්වටය උස්ව පිහිටියේ සුවසේ පාද පරිවර්ථනය වේ.මෙම ලක්ෂණය දරන්නේ නම් ගිහි වී
නම් කාම භෝගීන්ට ශ්‍රේෂ්ඨ වෙයි.පැවිදි වීනම් පැවිද්දන්ට ශ්‍රේෂ්ඨ වෙයි.පෙර භවයන්හිදී අර්ථවත් වචන කතා
කිරීම දසකුසල ධර්මයන්හි මහජනයා පිහිටුවීම යන කුසල ධර්ම කල බැවින් මෙම ලක්ෂණය පිහිටියේය.

10.උද්ධස් ලෝ මාතා

රෝම කූපයන් කුංඩාලංකාරයෙන් දකුණට කැකැවී අක් උඩුකුරුව පිහිටීමයි.මෙම ලක්ෂණය දරන්නේනම්
සියල්ලන්ටම ශ්‍රේෂ්ඨ වෙයි.අර්ථවත් ධර්ම නිශ්‍රීත වචන කතා කල බැවින් මෙය පිහිටියේය.

11.එණිජංගතා

එණිමෟර්ගයන්ගේ කොණ්ඩා මෙන් ක්‍රමයෙන් සිහින්ව මසින් වටවී සහයන්සේ පිහිටීමය.මෙම ලක්ෂණය
දරන්නේ නම් ගිහි වූයේ නම් ගිහියන්ට උවමනා උපභෝග පරිභෝග සම්පත්ද පැවිදි වූයේ නම් ශ්‍රමණ
පරිස්කාරද ලබන්නෙක් වෙයි.පෙර භවයන් හිදි ශිල්ප විද්‍යාව උගන්වා ලෝ වැස්සා සුචරිතයෙහි පිහිට වූ
බැවින් මෙම ලක්ෂණය පිහිටියේය.

12.සුකූමච්ජිවිතා


ඉති සියුම් සිවිය ඇති බවයි.බුදු සිරුරෙහි රැලි ආදිය නොරැදෙයි.මෙම ලක්ෂණය දරන්නේ නම් ගිහි වූයේ නම්
අන්‍යකාම භෝගීන් විසින් ලංවිය නොහැකි නුවණ ඇති වෙයි.බුදු වූයේ නම් මහා ප්‍රඥාවන්ත වෙයි.පෙර භවයන්
හීදී මාත දර්පාදිය නොමැතිව කටයුතු නොකටයුතු විතාල බැවින් මෙම ලක්ෂණය පිහිටියේය.

13.සුවණ්ණා චණ්ණතා

ශරීරය රන් වන් පැහැයෙන් යුක්ත බවය.මෙය ඇත්තේනම් සුව පහසු වස්ත්‍ර ආදිය ලැබෙයි.පෙර භවයන්හිදී
නොකිපෙනසුලුව අනුන් පරුෂ වචනයෙන් බනින කල නොසතුට පමණකුත් පල නොකල බැවින් මෙම
ලක්ෂණය පිහිටියේය.

14.කොසොහිතවත්ථ ගුයිහතා


කෝෂය තුල සැගවුන පුරුෂ නිමිත්ත ඇති බවය.භේද බින්නව සිටි නෑදෑ මිතුරන් උනුනුත් සම්මුඛ කොට සමගි
කොට සතුටු වූ බැවින් මෙම ලක්ෂණය පිහිටියේය.

15.නිගෝධ පරිමණ්ඩලතා

නුග ගසක් සේ උසට ගැලපෙන මහතින් යුක්ත සිරුරක් යුක්ත බවය.මෙය ඇත්තේනම් මහා ධනවතෙකු වෙයි.
බුදුහු සප්තාර්ය ධනයෙන් ආඩ්‍ය වූහ.පෙර භවයන්හීදී සුදුස්සාට සුදුසු තැන තැබීම නිසා මෙම ලකුණ පිහිටියේය.

16.ආජානුලම්භිත හත්ථනා

සිටගෙන නොනැමී දණ මල පිරි මැදිය හැකි බවය.සුදුස්සාට සුදුසු තැන දී ඔවුන්නොවුන්ගේ තත්වයට ගැලපෙන
පරිදි කටයුතු කල බැවින් මෙම ලක්ෂණය පිහිටියේය.

17.සිහප්පුබද්ධකායතා

සිංහයෙකුගේ පුර්වාර්ධ කය මෙන් සම්පූර්ණ වූ මුලු සිරුරක් ඇති බවයි.මෙම ලක්ෂණය ඇති වූයේ අනුන් ගුණයෙන්
හා ධනයෙන් වර්ධණය වනු කැමති වූ බැවිනි.

18.චිත්තන්තරායතා


පිට මැද කාණුවක් සේ නොපිහිටා මස් පටලයකින් වැසී මනා සේ පිහිටි බවය.මෙම ලකුණ දරන්නේ ගිහියෙක්
වී නම් නොපිරිහෙන සම්පත් ඇති මහා රජෙක් වේ.පැවිදි වූයේ නම් නොපිරිහෙන ගුණ සම්පත් ඇත්තෙක් වේ.
මෙම ලක්ණය ඇති වූයේ අන්‍යයන් ධනයෙන් ගුණයෙන් වැඩෙනු කැමති වූ හෙයිනුත් ඉවසූ හෙයිනුත්ය.

19.සමවත්ථක්බන්ධතා

සම වූද වට වූද ග්‍රීවයක් ඇති බවයි.නහර නොපෙනේ.රන් කොලයක කරක් සේ සම වටව බෙල්ල පිහිටි බවය.
මෙම ලක්ෂණය ඇත්තේනම් ගිහි වී නම් නොපිරිහෙන සම්පත් ඇත්තෙකු වෙයි.පැවිදි වූයේ නම් ගුණ සම්පන්න
වෙයි.

20.රසග්ග සංගීතා

උතුම් රස නහර ඇති බවයි.තලැටක් පමණ දෙයක් වුව දිව තිබූ කෙනෙහි මුලු සිරුරෙහි ඔජස් පැතිරෙයි.මෙම
ලක්ෂණය ඇත්තේනම් නිරෝගී වෙයි.පෙර භවයන්හීදි කැට කැබලිති ආදියෙන් සත්ව හින්සා නොකල බැවින්
මෙම ලක්ෂණය පිහිටියේය.

21.අභිනීල නෙත්තතා

නිල්වන් නෙත් සගලක් ඇති බවය.මෙය ඇත්තේනම් බොහෝදෙනෙකුට ප්‍රියමනාප වෙයි.පෙර භවයන්හිදී
ද්වේශයෙන් අනුන් වෙත රවා බැලීමක්වත් නොකට සෟජු සිතින් ප්‍රිය ඇසින් බැලූ හෙයින් මෙම ලක්ෂණය
පිහිටියේය.

22.ගොපකුමතා

උපන් කෙනෙහි වස්සකුගේ බදු ඉතා ප්‍රසන්න ඇස් ගුලිය ඇති බවයි.යටට නොගිලී මතුවට නොඉලිප්පී ඇස්
පිහිටි බවය.මෙය ඇත්තේ කාහටත් ප්‍රියමනාප වේ.ප්‍රිය වූ ඇසින් කා දෙසත් බැලූ නිසා මෙම ලක්ෂණය ඇති
විය.

23.උණ්හ සීසතා

නලල් පටින් වෙලන ලද වැන් පිරුණු නලල සහිත සම්පූර්ණ හිසක් ඇති බවය.මෙය ඇත්තේනම් බොහෝ
දෙනාට අනුචරයෙක් වෙයි.පෙර භවයන්හිදී යහපත් ක්‍රියාවන්ට මූලිකව මහජනයා හැසිරවූ බැවින් මෙම
ලක්ෂණය පිහිටියේය.

24.ඒකෙකලොමතා

එක රෝම කූපයක රෝම එක එකක්ම ඇති බවය.මෙය ඇත්තේ තමා අනූව යන මහ පිරිස් ඇත්තේ වෙයි.
අසත්‍යෙයන් වැලකී සත්‍යවාදී වූ බැවින් මෙම ලක්ෂණය පිහිටා ඇත්තේය.

25.ඌර්ණරෝම ලක්ෂණය

දෙබෑම අතර නලල මැද දකුණට කැරකවී රිදී බුබුලක් සේ දිලිසෙන රෝමයක් ඇති බවය.මෙය ඇත්තා අනූව
යන මහා පිරිසක් ඇත්තේය.අසත්‍යෙයන් වැලකීම හා සත්‍යවාදී වීම නිසා මෙය පිහිටියේය.

26.චත්තාලීස දන්තතා

එක් ඇන්දක දත් විස්ස බැගින් දත් හතලිහක් වන්නේය.මෙය ඇත්තේනම් කිසිවකු විසින් බිදලිය නොහැකි
මහා පිරිස් ඇත්තේය.කේලම් කීමෙන් වැලකීම අසමගි වූවන් සමගි කිරීම නිසා මෙය පිහිටියේය.

27.අවිවර දන්තතා

විවර රහිත දත් ඇති බවය.දත් එකිනෙක උස් පහත් නොවී සමව පිහිටා ඇති බවය.කිසිවකු විසින් බිදලිය නොහැකි
පිරිස් බල ඇත්තෙකු වේ.කේලම් කීමෙන් වැලකීම බිදුනවුන් සමගි කිරීම නිසා මෙම ලක්ෂණය පිහිටියේය.

28.ෂහුත ජිව්හතා

මෟදු දික් පලල් දිවක් ඇති බවය.කන්තල නලල්තල පිරිමැදිය හැකිය.මෙම ලක්ෂණය දරන්නේනම් ඉවතලිය
නොහැකි වචන ඇත්තෙකු වේ.පරුෂවචනයෙන් වැලකීම ප්‍රිය වචන කීම මෙම ලක්ෂණය ඇති වීමට හේතු වේ.

29.බ්‍රහ්ම ස්වර්තා

බ්‍රහ්මයාට සමාන කටහඩක් ඇති බවය.පිත් සෙම් ආදියෙන් නොගැටුනු ස්වරය පැහැදිලිය.මිහිරිය.මෙය පිහිටියේ
නම් ඉවතලිය නොහැකි වචන ඇත්තේය.පරුෂ වචනයෙන් වැලකීම ප්‍රිය වචනයෙන් කතා කිරීම මෙයට හේතු
වේ.

30.සීහ හනුතා

සිංහයාගේ වැනි හනු ඇති බවය.උඩු යටි පිරිපුන් හනු පිහිටයි.මෙම ලක්ෂණය ඇත්තේනම් සතුරන් විසින්
විනාශ කල නොහැකි වෙයි.පුලාප කතාවෙන් වැලකීම අර්ථවත් ධර්මාන්විත වචන කතා කිරීම මෙයට හේතු
වේ.

31.සම දන්තතා

සම වූ දත් ඇති බවයි.මෙම ලක්ෂණය දරන්නේනම් පවිත්‍ර පිරිවර ඇත්තේ වෙයි.මිත්‍යා ජීවිකාවෙන් වැලකීම
හේතුකොටගෙන මෙම ලක්ෂණය පිහිටියේය.

32.සුසුක්ඛ ද්‍රාඨතා

ඉතා සුදු දත් ඇති බවය.මෙම ලක්ෂණය දරන්නේනම් පවිත්‍ර පිරිවර ඇත්තේ වෙයි.මිත්‍යා ජීවයෙන් වැලකීම
විපාක ලෙස මෙම ලක්ෂණය ඇතිවිය.


ඉහත දැක්වූයේ බුදු සිරුරේ දක්නට තිබූ මහා පුරුෂ ලක්ෂණයි.ඒවා ඇති වීමට හේතුව හා ඒවා ඇති වීමෙන්
විපාකද මෙසේ සදහන් විය.



දළදා සමිදු සරණයි....!!!!

smile   ඇත්ත රාවණ කතාව.....

ම රාවණා රජ්ජුරුවො ගැන ගොඩක් විස්තර හෙව්වා. එතකොට මට හිතාගන්න බැරි විස්තර ගොඩක් මහාචාර්ය භද්‍රජී ජයතිලක මහතාගෙ ශ්‍රී රාවණ්නා පුවත පොතෙන් කියවන්න හම්බුනා.



අපි හැමෝම කියවලා, අහලා තියෙන විදියට රාවණා සීතව ලංකාවට පැහැරගෙන එන්න හේතු වුනේ මේ කතාවයි. රාමාගෙ මල්ලි ලක්ෂ්මන ලංකාවට ඇවිත් රාවණගෙන් අ‍යුර්වේදය ඉගෙන ගන්න අතරතුර රාවණාගෙ නංගි සුපර්ණකා එක්ක ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගත්තා. මේ සම්බන්ධෙ පස්සෙ කාලෙක ලක්ෂ්මන් ආයිත් ඉන්දියාවට ආවත් එක්කම බිඳ වැටෙනවා. සුපර්ණකා තමන්ට අහිමිවෙන්න යන ආදරේ හොයාගෙන ඉන්දියාවට ගියාම ලක්ෂ්මන සුපර්ණකා එක්ක රණ්ඩුවක් ඇති කරගෙන සුපර්ණකාගෙ එක කනක් තුවාල වෙන්න හපනවා. පස්සෙ මේ තුවලෙ පිටින්ම ලංකාවට එන සුපර්ණකාව දැක්ක රාවණාට වෙච්ච සිද්දිය අහලා හොඳටම තරහා යනවා.




මේකට පළි ගන්න හිතාගෙන තමයි රාවණා මායා ධර්ම දන්න ධූමරාක්ෂ එක්ක ඳඩුමොණරයෙ නැගලා සීතව පැහැරගෙන එන්න යන්නෙ. පැහැරගෙන ඇවිත් ලංකා පුරයේ හිර කරලා හංගලා තියනවා. හැබැයි වද දීල නෙමෙයි. සීතට ඕන කරන හැම සම්පතක්ම දීලා. කතාවක් තියෙනවා රාවණා එතකොට සීතගෙන් ආදරේ ඉල්ලා හිටිය කියලා. ඒක අමූලික බොරුවක්.

දන්නවද සීත රාවණාගෙ කවුද කියලා.....
 
 
සීත කියන්නේ රාවණාගෙ දුව.
 
හිතාගන්න බෑ නේ ඔයාලට. ඒ කතාව මෙහෙමයි.

රාවණා රජුට දාව බිරිඳට(මන්ඳෝදරී), එක් මැදියම් රැයක දරු උපත් දෙකක් සිද්ද වෙනවා. ඒ කියන්නේ නිවුන් දරු උපත්. මේ උපත්තීන් ගැන පෙර ලකුණු කියන සෘශිවරු මදියම් රැයට පෙර මෙම උපත් සිදුවුන හොත් රජතුමාට හා රටට යහපතක්, ආශිර්වාදයක් වන බව හා මෙන්ම, මධ්‍යම රාත්‍රියෙන් පසු සිදුවුව හොත් පෙර කී ප්‍රථිඵලයෙ නරක පැතිකඩ , අයහපතක්, රාජ්‍ය විනාශ වන බවට ප්‍රකාශ කලා. මේ නිසා සිත කැළඹුනු රාවණා රජු තමන් නිර්මාණය කරණ ලද ශිව දේවාලයට ගොස් තමන්ට කුඩා කල ඉබේ පහලවූ වූ ශිව ස්තෝත්‍රය ගායනා කරන්න පටන් ගත්තළු. ටික වේලාවක් යන කොට පණිවිඩයක් ආවලු බිරිඳට පුතෙක් ලැබුනා කියලා. ඒත් දෙවෙනි උපත ගැන නොකියවුනු නිසා තවත් කලබල වෙලා බිරිඳ සිටින ශාලවට ආවලු. ඒ වෙන කොට මධ්‍යම රාත්‍රිය පහු වෙලා තිබුනළු. එව්වෙලේ දෙවෙනි උපතත් සිදු වුනාලු. රාවණා මේ ගැන සිත් තැවුලට පත් උනාලු. පළවෙනි උපතින් බිහිවුනු පුතුට ගිරිමේඝ කියලා නම තිබ්බා. ඒකට හේතුව, උපත සිදුවුන වෙලාවෙ මහා හඩින් ගොරවමින් වැහැ වැහැ තිබුන නිසා. දෙවෙනි උපතින් බිහි උනේ දුවෙක්. මධ්‍යම රාත්‍රිය පහුවෙලා ඉපදුනු නිසා තවත් තමන් ළඟ තියාගන්න බැරි නිසා සඳුන් ලීයෙන් කරපු පෙට්ටියක දාල මුහුදෙ පා කරලා යවලා තියෙනවා. බිරිඳට කිව්වා දෙවෙනි උපතින් ලැබුනු දරුව මැරුණා කියලා.


අර පෙට්ටිය පා වෙල ගිහින් ගොඩ ගහලා ත්යෙන්නේ එතකොට ඉන්දියාවෙ රජ කල දශරත රජුගෙ මඟුල් හේනට. (ඒ කාලෙත් රජවරුන්ගෙ දේවල් මඟුල් නෙ) ඒ හම්බවුන දවසේ ඒ රටේ වපි මඟුල් උත්සවේ. නඟුලෙන් සී සාන ගමන් තමයි සීතා දාල හිටපු පෙට්ටිය හම්බ වෙල තියෙන්නෙ. සීතා කියන නමේ තේරුමත් "නඟුලෙන් උපන්නී" කියන එකයි. පස්සෙ තමයි සීතා එහේ හැදිල වැඩිලා පස්සේ කාලෙක රාමට හම්බවෙන්නේ.


රාවණා රජුට හිසවල් 10ක් තියෙනවා කියලා කියනවා. ඒකට හේතුව රාවණා රජු ප්‍රධාන ශාස්ත්‍ර 10ක් දැනගෙන සිට්ය නිසා. හරියටම මතක නෑ

*ආයුර්වේදය
*ගෘහ නිර්මාණය
*යුධ ශිල්පය
*මායා ධර්ම
*රසායන දර්ම(රස දිය සම්බන්දව)
*සංගීත දර්ම
*නැකැත්.ජෝතීශ්‍ය දර්ම
(අන්තිම 3 මතක නෑ)


රාවණා රජු ආයුර්වේදයට බොහොම ආදරේ කරපු, ආයුර්වේද් විද්‍යාව ප්‍රගුණ කරපු රජ කෙනෙක්. ඔහුට ඒ දැනුම ලැබෙණ්නේ ඔහුඩෙ සීයා, පුලස්ථි සෘශිගෙන්. අදටත් පරාක්‍රම සමූද්‍රය ඉස්සරහා තියෙන පිළිමේ පුලස්ථි සෘශිගෙ තමා. නැතුව පරාක්‍රම බාහූ රජුගෙ නෙමෙයි. මෑතකදි කරපු පරීක්ෂණයකින් ඒක තහවුරු උනා. (කාබන් කාල නිර්ණ පරීක්ෂණයෙන්) ඒ කාලෙ පුලස්ථි සෘශිට ආයුර්වේද වටිනාකමින් මිල කරන්න බැරි
මහා විශාල වනයක් තිබුනා. ඒක ශ්‍රී අකුරෙ හැඩයට තමයි හදල තිබුනයි කියන්නේ. ආයුර්වේදෙට අනුව ශ්‍රී කියන්නේ ලෙඩ හොඳ කරන අකුරනේ. රාම රාවණා යුද්ධෙදී ඔය වනය විනාශ වෙනවා. ඒත් සම්පූර්ණයෙන්ම නෙමෙයි. අදටත් ඒ වනයෙන් කොටසක් ඉතුරු වෙල තියෙනවා. ඒ තියෙන්නේ පුලස්ථි සෘශිගෙ පිළිරුවට පිටිපස්සෙ තියෙන ඝන කැලෑවෙ. ඔයාලට බොරු කියලා හිතෙනවා නම් ගිහින් බලන්න පුළුවන්. හැබැයි ගියා කියලා ඒ සම්පත් විනාශ කරන්න එපා.

මතයක් තියෙනවා. ඒකත් කියලම මේ සටහන ඉවර කරන්නම්. රාම රාවණා යුද්ධෙන් රාවණා මරුනෙ නෑ කියලා ඔයාලා අහලා අතිනෙ. ඒක ඇත්ත. එදා යුද්ධෙදි රාමා විදපු ඊය රාවණාට වැදුනා. මැරුණෙ නෑ. රාවණා කියන්නෙ ශිව දෙවියන්ගෙන් අමරණීය වරම් ලබපු පුද්ගලයෙක්. ඒක නිසා රාවණා මරන්න කාටත් බෑ. අදටත් රාවණාගේ සිහිය නැතිව තියෙන දේහය හක්ගල කඳු මුඳුනෙ ආරක්ෂා සහිතව බෙහෙත් ඔරුවක බාහලා තියනවා කියල පුරාණ මත තියෙනවා. දේහයෙන් මිදී සිටින රාවණා අවතාරය පුලස්ථි සෘශිගෙ පිළිරුව පිටුපස තියෙන වනයේ සිට භාවනා යෝගීව සිටින බවටත් මත තියෙනවා. අපිට හිතා ගන්න බෑ තමයි. 

Thursday, February 9, 2012

Wednesday, February 8, 2012

පට්ට කෑලි  !


Google   එකේ  රවුමක්  ගහමු  !!!!!

ඔන්න අද මම එහෙනම් ඔයගොල්ලන්ව Google එකේ රවුමක් එක්කන් යනවා,දග කරන්න බැ.

Welcome to GooGle Office


උබලත් ඉතින් කොයි වෙලෙත් ඉන්නේ කා කා ගාපු ගමන් නේ,එහෙනම් කැන්ටිමෙන්ම පටන් ගමු කෝ.

Google සමාගමට cafe 18 තිබෙන අතර එහි කෑම සියල්ලම නොමිලේ දෙනු දෙන්නේ.මාරු නේ

මේ තියෙන්නේ cafe එකක්


හරිද එහෙනම් කලා බීලා[වතුර]එහෙනම් ඇග හදාගන්නත් එක්ක gym එකට යමුකෝ

මේ තියෙන්නේ Google gym එක,

එහෙනම් ඉතින් පොඩි ර්ලක්ස් එකකටත් එක්ක spa එකට යමු


දැන් ඉතින් Google එක වටේ ඇවිදලා මහන්සිත් ඇති නේ,පොඩ්ඩක් නිදා ගමු නේ,මේ තියෙන්නේ මහන්සි අයට නිදා ගන්න google sleeping Pods,ලංකාවේ වගේ මේවා තිබ්බ නම් අපේ එවුන් පැය 24 රේම නිදා ගනීවි.අපිත් නිදා ගන්න බැරි එවුන් නේ.



එහෙනම් යාලුවනේ අදට Google සංචාරය එවරයි,මේ තියෙන එවයින් පොඩ්ඩයි.තව Google swimming pools,Laundry පවා තියෙනවා.